අවසන් කොටස

171 27 48
                                    

Flashback

ටේහ්‍යුන් හිතාමතා ම ඩ්‍රින්ක්ස් නොගෙන කෝක් එකක් අතේ තියාගෙන මෙතනට ආව නිසා වාඩිවෙලා හිටියත් ටිකකින් තමන්ට දාඩිය නිසා වොශ්රූම් එකට ගිහින් මූණ හෝදගෙන ආව ටේහ්‍යුන් පාටි එකට යන්න හිතක් නැති නිසා ගෙස්ට් රූම් එකේ ඇඳෙන් ටිකක් හාන්සි වෙලා හිටියා...

නින්දත් නොනින්දත් අතරෙ හිටිය ටේහ්‍යුන්ට බෙල්ලෙන් දැනෙන කිතියකට ගැස්සිලා ඇහැරුණත් ටේහ්‍යුන්ට වටේ පෙනුණෙ බොඳ වෙලා...තමන්ගෙ ඇඟ උඩ නැඟගෙන හාෆ් නේකඩ් ගෑණු ළමයෙක් තමන්ව ඉවරයක් නැතිව කිස් කරද්දි පාඩුවෙ ඉන්න තරම් ටේහ්‍යුන් හැඟීම් දැනීම් නැති ගහක් ගලක් නෙවෙයි....ඒ වගේමයි ටේහ්‍යුන් හිටියෙ වෙන්න යන වැරැද්ද නතර කරන්න තරම් හොඳ සිහියකත් නෙවෙයි....
.
.
.
.
.
.
.
.

"ම්-මිනී..."
උදේ ඇහැරුණ ගමන්ම හීනෙන් වගේ ටේහ්‍යුන් ජිමින්ගෙ නම් මිමිණුවෙ ඊයෙ මුළු රෑම ජිමින්ව දැක්කා වගේ මතකයක් තිබුණ නිසා....ඒක අමුත්තක් නෑ කොහොමත් ටේහ්‍යුන්ට ඇස් පියවෙන වාරයක් ගානෙ ජිමින්ව හීනෙන් පෙනෙද්දි රෑ ජිමින් දැක්කා කියන එක කොහොමටවත් අමුතු නෑ...

ටේහ්‍යුන්ගෙ ඔලුව රිදෙනවා....ඇස් ඇරගන්න බෑ වගේ දැනෙද්දි අතකින් ඔලුව අල්ලගෙන අමාරුවෙන් ඇස් ඇර ගත්ත ටේහ්‍යුන්ගෙ ඇස් දෙක ඇරිය තත්පරේ ම ලොකු වුණේ තමන් ඉන්න විදිය දැකලා...

තමන්ගෙ ඇඟේ එක ඇඳුමකවත් නෑ කියලා තේරුණා ම බාගෙට පෙරවගෙන හිටිය ඩුවට් එක තව ටිකක් ළඟට ඇදලා ගන්න ගමන් ඔලුවට එකක් ගහගත්තෙ ජිමින්ව හීනෙන් දැකලා තමන් ඇත්තට ම ඇඳුම් අයින් කරලා කියලා හිත හිත වුණත් තමන්ට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න මින්සුව දැක්කාම ටේහ්‍යුන්ට කෑ ගැහුණා...

"අන්ද්වේ!!"
කලබලේ ඇඳෙන් බහින්න ගිහින් ඇඳෙන් වැටුණ ටේහ්‍යුන් බිම ඉඳගෙනම ඇස් ලොකු කරගෙන ඇහැරලා වටපිට බලන මින්සු දිහා බලාගෙන හිටියෙ කිසි දෙයක් අගක් මුලක් හිතාගන්න බැරිව....

"ත්-තමුන්...ම්-මොකද්ද මෙ-මෙතන ක්-කරන්නෙ? ම්-මං...න්-නෝවේ...එපා එපා!!"
සිද්ධ වෙලා තියෙන දේ ටික ටික තේරෙද්දි ටේහ්‍යුන් කොණ්ඩෙන් ඇදගෙන කෑ ගැහුවත් ටේහ්‍යුන් එදා දැක්කෙ නෑ මින්සුගෙ කට කොනේ ඇඳිලා තිබුණ කපටි හිනාව....

Just a Breeze || VminWhere stories live. Discover now