විසි දෙවන කොටස

101 20 22
                                    


"යකෝ මාර කතාවක්නෙ....උඹ කොහොමද ඔහොම හෙණ ගහන්න වගෙ මං යනවා ජන්කුක් කියන්නෙ? එතකොට ජිමින්ට මොකද වෙන්න?

මං උඹෙ යාළුවා නෙවෙයිද? ආආ!? ඇයි මගෙන් හංගන්නෙ? ඇයි...ඇයි...ඉස්සර වගේ කියන්න බැරි!"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ කොලර් එකෙන් ඇදගෙන කෑ ගහලා ළඟ තිබ්බ බිත්තියට අත මිටි කරලා ගැහුවාම ටේහ්‍යුන් ජන්කුක්ගෙ අත අල්ලගත්තා...

"මට උඹෙන් එකම එක උදව්වක් ඕනෙ... මේක මං උඹෙන් ඉල්ලන අන්තිම උදව්ව වෙයි...චේබල් ජන්කුකා... ජිමින්ව බලාගනින්..."

ටේහ්‍යුන් ජන්කුක්ගෙ අත් දෙක ම අල්ලගෙන හරි අසරණ විදිය කියද්දි ජන්කුක් ටික වෙලාවක් ටේහ්‍යුන් දිහා බලන් හිටියා...

"උඹ මට විස්තරේ කියන්නෙ නැද්ද?"

.
.
.
.
.
.
.
.
.
.
.

"අප්පා ජාන් හ්‍යුන් ගැන දැන ගත්තා කුකා....අප්පා කිව්වා හ්‍යුන් එයාව අතෑරලා බිස්නස් බාරගෙන අප්පා ප්‍රපෝස් කරන කෙල්ලව මැරි නොකළොත් ජින් හ්‍යුන්ව මරනවා කියලා...උඹ දන්නවා අප්පගෙ හැටි එයා කිව්වොත් කරනවානෙ බං.... හ්‍යුන්ට කිව්වා අප්පව හරි ජින් හ්‍යුන්ව හරි තෝරගන්න කියලා...අප්පව තෝර ගත්තොත් ජින් හ්‍යුන්ව අතාරිනවා කිව්වා....ජින් හ්‍යුන්ව තේරුවොත් එවෙලෙම ගෙදරින් එළියට බහින්න කිව්වා....ඒ ගියත් යහතින් ඉන්න දෙන්නෙ නැහැ කිව්වා...හ්‍යුන්ට මොනවා හරි වුණොත් ඔම්මා මැහෙයි බං....උඹ දන්නවා ඔම්මගෙ හාට් එක වීක්...එයාට මොනවාහරි වුණොත් හ්‍යුන් ජිවිත කාලෙම පසුතැවෙනවා... මටත් බෑ ඔම්මා නැතිව ඉන්න...

අනිත් අතට ජින් හ්‍යුන්...ඒ අහිංසකයා පපුව පැලිලා මැරෙයි හ්‍යුන් නැති වුණොත්...එයාගෙ පවුලෙ අය අපෙ හ්‍යුන්ට ආදරෙයි...එයාලා ඒ දෙන්නව බාර ගනීවි...මම අප්පට පොරොන්දු වුණා බිස්නස් බාරගෙන අප්පා කියන විදියට ඉන්න...උඹට පේනවනෙ මට වෙන කරන්න දෙයක් නෑ කියලා... ඇරත් ම-මගෙයි මිනීගෙයි අතරෙ ලොකු දෙයක් නෑ දැනට...තව දුර ගියත් දවසක එයාගෙ අප්පගෙනුත් ප්‍රශ්න.... මාත් හිර වෙලා...ඒ නිසා තවත් රිදෙන්න කලින් මං පැත්තකට වෙනවා... මගෙ මිනීව බලා ගනින් බං...මං මගෙ රෝසමල උඹට තියලා යන්නෙ...ආයෙ එනවා කියන්නෙ නැහැ...මොකද මට එන්න බැරිවෙයි බොහෝ දුරට...ඒ නිසා...ජිමින් ළඟින් ඉඳපන්...එයාට මාව අමතක කරන්න උදව් කරපන් කුකා..."

Just a Breeze || VminWhere stories live. Discover now