හයවන කොටස

156 30 6
                                    


අද කොලේජ් එකේ හවස අමතර දේශනයක් දීලා තිබුණා....ජිමින් ලෙක්චර් හෝල් එකට ඇවිත් වාඩිවෙලා එයාට එහා පැත්තෙන් පුටුව ටේහ්‍යුන්ට තියාගෙන සැරින් සැරේ දොර දිහා බලන ගමන් එයාගෙ ටියුට් එකක් කම්ප්ලීට් කරන ගමන් හිටියා....ජිමින්ට අනිත් පැත්තෙන් වාඩිවෙලා හිටිය ජන්කුක් නම් ටියුට් එක පොතත් එක්කම ජිමින්ගෙ උකුළෙන් තියලා මේ දවස්වල එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලියාරා එක්ක මොනවදෝ කියව කියව හුරතල් වෙවී හිටියා.... එයාට ගානක් නෑ ජිමින් ඉන්නවා කියලා....ලියාරාත් ඉන්න නිසා ජිමින් කරදර කරන්න ගියෙත් නෑ.... සාමාන්‍ය විදියට කළා නම් පැය භාගයක් යද්දි ජිමින් ටියුට් එක ඉවර කරලා වුණත් දොරෙන් කවුරු හරි එන වාරයක් ගානෙ ජිමින් දොර දිහා බලන නිසා විනාඩි හතළිස්පහක් තිබිලත් ජිමින්ට ටියුට් එක කම්ප්ලීට් කර ගන්න බැරි වුණා....

අන්තිමේ ලෙක්චරර් ආවත් ටේහ්‍යුන් ආවෙ නැහැ....ජිමින් ටියුට් එක වහලා දාලා ලෙක්චර් එකට අවධානෙ දුන්නත් දොර ඇරෙන වාරයක් ගානෙ ජිමින්ට දොර දිහා බැලුණා.. අන්තිමේ ටේහ්‍යුන් විනාඩි පහළවක් විතර පරක්කු වෙලා දොරෙන් ඇතුළට එද්දි ජිමින්ගෙ අඳුරු වෙලා තිබුණ මූණ එළිය වැටුණා.... ජිමින් හිනාවෙලා එයාගෙ එහා පැත්තෙන් තිබුණ පුටුවට අත තිබ්බත් ටේහ්‍යුන් ජිමින්ව දැක්කෙ නෑ....එයා  එයාගෙ යාළුවො ටිකත් එක්ක දොර ළඟ ම තිබුණ පුටු පේළියකින් වාඩි වුණා ම ජිමින්ගෙ මූණ අඳුරු වුණා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ලෙක්චර් එක ඉවර වෙලා ජන්කුක් ලියාරා එක්ක පාර්ක් එකට යනවා කිව්ව නිසා ජිමින්ටයි ටේහ්‍යුන්ටයි ජන්කුක් නැතිව ගෙදර යන්න වුණා....කෝල් එකක් දුන්නා නම් විනාඩි පහක් ඇතුළත දෙන්නව ම ගන්න ඩ්‍රයිවර්ස්ලා එනවා වුණත් විනෝදෙටත් එක්ක ටේහ්‍යුන් ජිමින්ගෙන් පයින් යමුද ඇහුවාම ජිමින් ඒකට කැමති වුණා....

ජිමින්ව පාරෙ අයින පැත්තට දාලා ජිමින්ගෙ කර වටෙන් අත දාගෙන ටේහ්‍යුන් සද්ද නැතිව ඇවිදගෙන ගියේ ජිමින්ට ටිකක් තරහ ගිහින් වගේ කියලා තේරුණ නිසා...

වෙනදට කතා පෙට්ටියක් වගේ කියවන ජිමින් කට වහගෙන ඉන්නවා කියන්නෙ ටේහ්‍යුන් දන්නවා ජිමින් මොනවාහරි ගැන කල්පනා කරලා හිත රිද්දගෙන කියලා...හේතුව අහන්න ඕනෙ වුණත් ජිමින් ටිකක් කූල් ඩවුන් වෙනකල් කට වහගෙන ඉන්න ටේහ්‍යුන් තීරණය කළා....

Just a Breeze || VminWhere stories live. Discover now