කෑම්පින්ග් දවස් තුන ඉවර වෙලා කට්ටිය ම ආයෙමත් සෝල් එන මඟ දි අන්තිමේ නම්ජුන්ට විතරක් ඩ්‍රයිව් කරන්න දුර තියෙද්දි කට්ටිය වාහනේ පාර්ක් එකක නතර කරලා කෑම කන්න ලෑස්ති වුණා...."ම්ම්....ජුනා විතරක් ඩ්‍රයිව් කරන නිසා කමක් නෑනෙ?"
යුංගි සෝජු බෝතල් දොළහක් කේස් එකක් වාහනෙන් එළියට ගද්දි සූහි රැව්වා ම යුංගි හිනා වුණා....කට්ටිය ම ඩ්‍රින්ක්ස් අරගෙන හිටියත් ටේහ්‍යුන් ජිමින් කලින් ඩ්‍රින්ක්ස් අරගෙන නෑ කියලා දන්න නිසා ජිමින්ගෙ අතට ඇපල් ජූස් එකක් දීලා රැවවා...
"අල්ලන්නෑ සෝජු බොට්ල්ස් මිනී.... ඔයාගෙ බඩ රිදෙන්න ගත්තොත් අමාරු වෙනවා....පළවෙනි වතාවෙ ඩ්‍රින්ක්ස් අරන් මාත් විකාරයක් කළා..."
ටේහ්‍යුන් යන්තමට වැනි වැනී වුණත් ජිමින් එක්ක හිනා වෙලා කියද්දි ජිමින් තොල් දෙක කණපිට හරවගෙන බුම්මගෙන හිටියා....
"ඇයි දැන් ඉතින් මේ?"
"අප්පා ඩ්‍රින්ක්ස් ගන්න දෙන්නෙත් නෑ....මැනේජර් අජුශ්ශි දෙන්නෙත් නෑ...දැන් ඔයා දෙන්නෙත් නෑ...."
ජිමින් ටේහ්‍යුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන කියද්දි ටේහ්‍යුන් හිනා වෙලා ජිමින්ගෙ කොණ්ඩෙ අවුල් කළා....
"ඒ ඉතින් අපිට ඔයාව වටින නිසානෙ මගෙ බෝලේ.... ගමනක් යමුද අපි?"
ටේහ්‍යුන් ජිමින්ගෙන් අහද්දි ජිමින් අතේ තිබුණ ඇපල් කෑන් එක කම්මුලට තද කරගෙන වටේ බැලුවෙ යන්නද කියලා අහන්න තරම් කෙනෙක් එතන හිටියෙ නැති නිසා...
යුංගි සූහිව තුරුල් කරගෙන මොකක්ද ගෙදරක ප්ලෑන් එකක් ගැන කියනවා... එයාගෙ ඩ්‍රීම් හවුස් එක ගැනද කොහෙද....හෙසෝක් නම් ඩායොන්ග්ව බදාගෙන තණකොළ ගොඩේම නිදි.... ජන්කුක් ටිකක් වෙලා ඉඳලා කාටදෝ කෝල් එකක් අරගෙන වෑන් එක ඇතුළට ගියා ගියාමයි ආයෙ එළියට ආවෙ නෑ...ජින්ට ටිකක් වැඩිවෙලාද මන්දා මාර විදියට ඉමෝශනල් වෙලා නම්ජුන්ව ඩ්‍රයිවින් සීට් එකේ වාඩි කරලා නම්ජුන්ගෙ ලැප් එකෙන් ඔලුව තියාගෙන මොනවදෝ ඉවරයක් නැතිව කියවනවා....ජින් ඩ්‍රින්ක්ස් අරන් නැතිවත් කියවනවා තමයි....ඒ වුණාට ඩ්‍රින්ක්ස් ගත්තාම ජින් හිතේ තියෙන හැමදේම කියවලා හිත නිදහස් කරගන්නවා වගේ එකක් තියෙනවා... නම්ජුන් ජින්ගෙ ඔලුව අතගගා එයා කියන දේවල් අහගෙන ඉන්න නම්ජුන් ළඟට ගිය ජිමින් ශටර් එකට තට්ටු කළාම නම්ජුන් වීදුරුව පහත් කළා...
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡