දහනවවන කොටස

110 22 31
                                    


යුංගිගෙ වෑන් එක යුංගිලාගෙ ගෙදරට දාලා එහෙ නතර කරලා ආව ටේගෙ බයික් එකේ ටේ,නම්ජුන් එක්ක ගෙදර ආවා...ජිමින්ව ගෙදර ළඟින්ම බස්සවලා ආපු නිසා ටේහ්‍යුන්ට ජිමින් ගැන වද වෙන්න උවමනාවක් තිබුණෙ නෑ...ජිමින්ව මතක් වෙන වාරයක් ගානෙ තමන්ව රත් වෙනවා වගේ දැනුණ නිසා ටේහ්‍යුන් ජිමින් ගැන නොහිතා ඉන්න උත්සාහ කළා...

නම්ජුන්ට නම්ජුන්ගෙ බැක් පැක් එක අරගෙන යන්න කියලා බයික් එක නතර කරලා එයාගෙ බැක්පැක් එකත් අරගෙන ආව ටේහ්‍යුන් දුවගෙන වගේ ගේ ඇතුළට ගියේ ඔම්මා කෑ ගහනවා ඇහුණ නිසා...

"එපා හනී....කෝ..අනේ පුතේ!!"
ඔම්මා අප්පගෙ අතේ එල්ලෙද්දිම අප්පා අනිත් අතින් නම්ජුන්ගෙ කම්මුලට ගහනවා දැක්කා ම ටේහ්‍යුන්ගෙ ඇස් දෙක ලොකු වුණා...

නම්ජුන් කියන්නෙ අප්පගෙ ප්‍රයිඩ් එක.... සාමාන්‍යයෙන් අප්පා හ්‍යුන්ට  කෑ ගහන්නෙ නැහැ....ටේහ්‍යුන්ගෙ ජීවිතේ කවදාවත් අප්පා හ්‍යුන්ට ගහනවා ටේහ්‍යුන් දැකලා නැහැ...එයා කරපු නසරානි වැඩකට එකම එක වතාවක් අප්පගෙන් ගුටි කාලා තිබුණා ඇරෙන්න අප්පා ඒ දෙන්නට ගහලා නැහැ...

අප්පා සැරයි තමයි...ඒත් නරක කෙනෙක් නෙවෙයි....

"අප්පා!! "
ටේහ්‍යුන් බෑග් එකත් දොර ළඟ ම අතෑරලා දුවගෙන ආවෙ නම්ජුන්ව බේරන්න දඟලපු ඔම්මාව අප්පා තල්ලු කරපු පාරට විසිවෙලා ගිහින් බිත්තියෙ හැපුණ නිසා...

"අ-අප්පා?"
නම්ජුන් පුදුමෙන් වගේ මිමිණුවා වුණත් අප්පගෙ අතේ තිබුණ ෆොටෝස් දෙක තුන දැක්කාම නම්ජුන්ට අප්පට කේන්ති ගිය හේතුව යන්තමට වගේ තේරුණා...

"ඔය මූ#ල කටින් ආයෙ ඒ වචනෙ කියන්න එපා නම්ජුන්!! තමුසෙ මටත් ලැජ්ජ කරනවා....උත්තර දෙනවා මොකද්ද මේ විකාරෙ!?"
අප්පා නම්ජුන්ගෙ කකුල් දෙක ළඟට විසි කරපු ෆොටෝස් දැක්කාම ටේහ්‍යුන්ගෙත් ඇස් ලොකු වුණා... එතන තිබුණෙ නම්ජුන් ජින්ව කිස් කරන එකක් නම්ජුන් ජින්ව තුරුල් කරගෙන ඉන්න එකක් වගේ..එයාලා කපල් එකක් කියන්න පුළුවන් ෆොටෝස් වෙද්දි ටේහ්‍යුන් පුදුම වුණේ කලාතුරකින් අතින් වුණත් අල්ලගෙන ඉන්න නම්ජුන්,ජින් දෙන්නගෙ පස්සෙ කාලයක් පන්නලා මෙහෙම ෆොටෝස් එකතු කළේ කවුද කියලා හිතා ගන්න බැරිව....

Just a Breeze || VminWhere stories live. Discover now