පහළොස්වන කොටස

102 21 18
                                    


"ඌ මොන එකකට ද හැමදාම මෙහෙ රිංගන්න එන්නෙ!?"
ජිමින්ගෙ අප්පා කෑ ගහද්දි අමාරුවෙන් ක්ලචර් එකට බර දීලා හිටිය ජිමින් වෙව්ලලා ගියා....

"අ-අප්පා...මම ටේමින් හ්‍යුන්ට එන්න කිව්වෙ නැහැ....එයානෙ ඉතින් එන්නෙ...මට එපා කියන්න බැහැනෙ..."
ජිමින් හීන් හඬකින් කොඳුරද්දි මිස්ට පාක් ජිමින් දිහා බලාගෙන හිටියා....

"උඹට ගෑණු ළමයෙක් ගැන අදහසක් ඇත්තෙම නැද්ද?"
ජිමින්ගෙ අප්පා අහද්දි කාමරේට යන්නෙ මොන වෙලාවෙද බලාගෙන හිටිය ජිමින්ගෙ මූණ ඇදවෙලා ගියා...

"අප්පා...මම බයි වුණා නම් මට ට්‍රයි කරලා බලන්න තිබුණා....ඒත් ඔයා දන්නවා මට එහෙම බැහැ කියලා... මෙහෙම ඉපදුණ එක මගෙ වැරැද්දක් ද? ඇයි ඔය ප්‍රශ්නෙ අල්ලගෙන ම මාව ස්ට්‍රෙස් කරන්නෙ අප්පා... එළියට ටිකක් බැහැලා බලන්න ගොඩක් කපල්ස් නිදහසේ ඉන්නවා....ඔයාලගෙ පරණ ඇටිටියුඩ්ස් දැන් ගණන් ගන්නෙ නැහැ...මට පාඩුවෙ ඉන්න දෙන්න..."
ජිමින් කලකිරීමෙන් වුණත් ටිකක් තදින් කියලා කාමරේට යන්න හැරෙද්දි ඩෝ බෙල් එක වදිනවා ඇහුණාම ජිමින් නතර වුණා....ජිමින් ප්‍රාර්ථනා කළේ ම ටේහ්‍යුන් නම් වෙන්න එපා කියලා...

ජිමින්ට මේ වෙලාවෙ ටේහ්‍යුන්ව ගොඩක් ඕනෙ කලා....ඒත් උදේ ඉදලා අප්පගෙ පිහිපාරවල් වගේ වචන වලට තුවාල වෙලා තිබුණ ජිමින්ගෙ හිතට ටේහ්‍යුන් ඇවිත් ගියාම අප්පා කියන දේවල් දරා ගන්න බැරි වෙයි කියලා හිතුණ නිසා ජිමින් හිතින් ප්‍රේ කළා දොර ළඟ ඉන්නෙ ටේහ්‍යුන් නොවෙන්න කියලා....

ඒත් මේඩ් කෙනෙක් දොර අරිද්දි ම ඇතුළට එන ටේහ්‍යුන්ව දැකලා ජිමින්ගෙ මූණ මැලවිලා ගියා.... ටේහ්‍යුන්ගෙ පස්සෙන් ම වගේ හෙසෝක් හ්‍යුන්ගෙ කරට අතක් දාගෙන ලොලිපොප් එකක් කටේ ගහගෙන එන ජන්කුක් දැක්කා ම ජිමින්ගෙ මූණට ආයෙ හිනාවක් ආවා....ටේහ්‍යුන් තනියම නෙවෙයි ඇවිත් තියෙන්නේ...ඒ කියන්නේ අප්පා මොනවත් කියන්නෙ නැහැ....

.
.
.
.
.
.
.
.

"මිනී මං ආවට කැමති නැද්ද?"
ඇඳේ වාඩිවෙලා ජන්කුක් හෙසෝක් කියන දේවල් වලට හිනාවෙවී අතේ තිබුණ ඇපල් ජූස් කෑන් එක තොලගගා ඉන්න ජිමින් දිහා බලාගෙන හිටිය ටේහ්‍යුන් අහද්දි ජිමින් එයාගෙ පුංචි ඇස් ලොකු කරගෙන ටේහ්‍යුන් දිහා බැලුවා...

Just a Breeze || VminWhere stories live. Discover now