දොළොස්වන කොටස

118 23 26
                                    


ඊයෙ රෑ දෙකත් පහුවෙලා ගෙදර ආව ටේහ්‍යුන් ඇඳට වැටුණ ගමන් නින්ද ගිහින් ඇහැරෙද්දි නවයත් පහුවෙලා... එයාලගෙ ග්රූප් එකට ගුඩ් මෝනින් කියලා දාලා ජිමින් හැමදාම වගේ එයාට ගුම්මෝනිම් ටේටේ කියලා රතුපාට හරි දම්පාට හරි හාට් ඉමෝජි එකක් එක්ක එවන ගුඩ්මෝනින් එක බලන්න ගියත් ජිමින් මැසේජ් කරලා නැහැ කියලා දැක්කා ම ටේහ්‍යුන්ගෙ නළල රැළි වුණා....

ඒක සාමාන්‍ය නැහැ...ටේහ්‍යුන් දවසම මැසේජ් නොකළත් ජිමින් අනිවාර්යයෙන්ම උදේට රෑට එයාට ගුඩ් මෝනින්, ගුඩ් නයිට් කියනවා...

"තවම නිදි ඇති කම්මැලි තාර පැටියා... ඊයෙ වේලාසනින් ගියත් එක්ක..."

ටේහ්‍යුන් තනියම හිනාවෙවී ජිමින්ට ගුඩ් මෝනින් කියලා දාලා මලක් අල්ලගෙන ඉන්න තාර පැටියෙක්ගෙ ස්ටිකර් එකකුත් සෙන්ඩ් කරලා ෆෝන් එක ඇඳ උඩට විසි කරලා නැඟිට්ටේ ඇඟ සෝදගෙන එන්න....

.
.
.
.
.
.
.
.

ජිමින් උදේ පාන්දර ම ඇහැරලා මූණ සෝදගෙන ඊයෙ අප්පා ගහපු එකට කකුල පැලිලා නිසා කකුලට හිර නොවෙන ලූස් ලා නිල් පාට දිග කලිසමකට සුදු පාට ඕවර්සයිස් ටී එකක් දාගෙන මිරර් ටේබල් එක ළඟට ගිහින් එයාගෙ හදිස්සියෙන් පාවිච්චි කරන මේකප් සෙට්ස් ටික එළියට ගත්තා....ජිමින් කියන්නෙ සාමාන්‍යයෙන් මේකප් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි... ඩේටුඩේ ලයිෆ් එකේ නම් නෙවර්.... කොන්සර්ට් එකකදි ඇර ජිමින් මේකප් කළෙ නෑ...ඒත් අද ජිමින්ට මේකප් නොකර එළියට බහින්න පුළුවන් කමක් තිබුණෙ නෑ....අඬලා ඉදිමිලා තිබුණ රතු වෙලා තිබුණ ඇස් ,හපලා තුවාල වෙලා තිබුණ තොල් හැමතැනක් ම මේකප් එකකින් යන්තමට වගේ ටච් කරලා ප්‍රශ්නයක් නෑ කියලා පෙන්නන්න පුළුවන් මූණක් මවා ගත්ත ජිමින් ඒ වෙද්දිත් ඇවිත් හිටිය ඩ්‍රයිවර් අජුශ්ශී එක්ක එයාගෙ ඒජන්සී එකට ගියා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මොනවද තමුන් මේ කරන්නෙ ආආ!? හොඳ සිහියෙන් ද වැඩ කරන්නෙ පාර්ක් ජිමින්? කලින් වතාවකුත් මේ කොල්ලා එක්කලා බීච් එකේ ඉඳලා හැදෙන්න ආව රූමර් එකක් බේරන්න අපට සෑහෙන්න මහන්සි වුණා....ඇත්ත කියන්න ජිමින්...ඔයාලා දෙන්නා ඩේටින්ග් ද?"

Just a Breeze || VminWhere stories live. Discover now