ජිමින් කාඩ් එකෙන් ඩෝ එක ඕපන් කරලා ජන්කුක්ට ඇතුළට යමු කියාගෙන ඇතුළට ආවට පස්සෙ අපාට්මන්ට් ඩෝ එක ඉබේට ම ලොක් වුණා...."මෙතන ලස්සනයි ජිමිනී....ඔයාගෙද?"
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Author POV
"හ්ම්...මං ගෙදරින් ආවා ජන්කුක්....අප්-"
"ජිමිනී....ඔයා එක්ක අප්පා රණ්ඩු කළාද? කවදද ආවෙ? ආව දවසෙම හිටියෙ කොහෙද? ඇයි මට කෝල් කළෙ නැත්තෙ?ඔයා තනි-"
ජිමින් කියන්න ගිය දේ බාගෙට ඇහෙද්දී ම ජන්කුක් වටේ බලන එක පැත්තක තියලා දුවගෙන ඇවිත් ජිමින්ගෙ උරහිස් දෙකෙන් අත් දෙක තියාගෙන කියවගෙන යද්දි ජිමින් හිනාවුණා..."හුස්ම ගන්න ජන්කුක්..."
ජන්කුක්ව සෝෆා එකට තල්ලු කරලා ජාමින් ගිහින් ෆ්රිජ් එක අරිද්දි ජන්කුක් ජිමින් එක්ක කේන්තියට ම අත් දෙක මිරිගන්න ගමන් ටික වෙලාවක් ඇස් පියාගෙන හිටියා...ජන්කුක් දන්නවා මේ ජිමින්ගෙ හැටි...ජිමින් කැමති කවුරුත් එයා ගැන හොයනවට....ඒත් ජන්කුක්ට බෑ එයා ආදරේ කරන කෙනා විඳවනවා බලාගෙන ඉන්න... කොලේජ් එකට ආව දවසෙ ඉඳලා ම ජන්කුක් ජිමින්ව මඟෑරියා...ජන්කුක් විශ්වාස කරන්න උත්සාහ කළා එයාට කොල්ලො ගැන හැඟීමක් නැහැ කියලා...එත් පස්සෙ පස්සෙ වෙද්දි ජිමින්ගෙ හිනාවෙද්දි පුංචි වෙන ඇස් ,කතා කරද්දි උල් වෙණ පිම්බුණ තෙත තොල්,රෝස පාට පිරුණ කම්මුල් ජන්කුක්ගෙ නින්ද හොරා ගනිද්දි ජන්කුක් ආයෙ හැරෙන්න හිතුවත් ඒ වෙද්දි ජිමින් ටේහ්යුන්ට ඒ හිත දීලා ඉවරයි...
ජන්කුක් හැමදාම පසුතැවුණා මුලින් ජිමින්ගෙ අත අල්ලගත්තෙ නැති එකට.... ජන්කුක් පසුතැවුණා ජිමින්ව මඟෑරිය එකට... ඒත් ජිමින්ට ජන්කුක් යාළුවෙක් වෙලා ටේහ්යුන් ඊට වඩා විශේෂ වෙද්දි ටේහ්යුන් ජිමින්ව රිද්දන එකක් නෑ කියන විශ්වාසය මත ජන්කුක් ජිමින්ව ටේහ්යුන්ට දීලා පැත්තකට වුණා... ජන්කුක් දුර ඉඳන් බලන් හිටියා... ටේහ්යුන්,ජිමින් දෙන්නා එකට ඉන්න පින්තූර එකතු කළා...එයා ආදරේ කරන කෙනාට එයාගෙ සතුටත් දීලා ජන්කුක් ජිමින්ගෙ හිනාව දිහා බලන් දවසක් දෙකක් නෙවෙයි අවුරුදු ගානක් සැනසුණා...

YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡