විසි හතරවන කොටස

89 19 19
                                    


ජිමින් එයාගෙ රූම් එකේ වින්ඩෝව් එක ළඟ මැට් එක උඩ ගුළිවෙලා පෙඟුණ කොළයක් පපුවට තද කරගෙන අහස දිහා බලාගෙන ඉද්දි එතන බිම වාඩිවෙලා ජිමින්ගෙ දිහා බලාගෙන බිත්තියට හේත්තු වෙලා හිටිය ජන්කුක්ගෙ අතේ තිබුණ සුප් බෝල් එක හොඳට ම නිවිලා තිබුණා...

ජන්කුක් කොලේජ් ඉවරවෙල හවස දෙකට විතර ආව වෙලාවෙ ඉඳන් දැන් හවස හයට කිට්ටු වෙලත් තාමත් ජිමින් ජන්කුක් එක්ක එක වචනයක් වත් කතා කළේ නෑ....

"ජිමිනී....ඔයාගෙ හිතේ තියෙන දේවල් කියලා හිත නිදහස් කර ගන්න ළමයෝ....මට බලන් ඉන්න බෑ ඔයා ඔහොම ඉන්නවා...."
ජන්කුක් ජිමින්ගෙ කකුලක් හෙමින් අතගාන ගමන් කියද්දි ජිමින්ගෙ රතුවෙලා ඉදිමිලා තිබුණ ඇස්වලින් තව කඳුලක් කඩන් වැටුණා....ජිමින්ගෙ සුදුපාට ශර්ට් එකේ පපුව හරිය සම්පූර්ණයෙන්ම කඳුළුවලට පෙඟිලා තිබුණා....

ජන්කුක් සිද්ධ වුණ දේ අහද්දි ජිමින්ට මීට දවස් දෙකකට කලින් ගෙවුණ ඒ හීනයක් වගේ හැන්දෑව ආයෙමත් මතක් වුණා...

එදා කෑම ගෙනත් දුන්නට පස්සෙ ටේහ්‍යුන් ජිමින්ට කෑම බෙදලා දීලා එයත් කෑම කන්න පටන් ගත්තත් විනාඩි පහක් විතර සද්ද නැතිව කෑම එක කෑව ටේහ්‍යුන් ඊටපස්සෙ එයාගෙ ප්ලේට් එකෙන් ජිමින්ට කවන්න පටන් ගත්තා...ජිමින්ට කවන අතරෙම එයත් එකක් දෙකක් කන ගමන් ටේහ්‍යුන් එක එක විහිළු කතා කිව්වා.... අන්තිමේ ජිමින් එයාගෙ චොප්ස්ටික්ස් දෙක පැත්තකින් තියලා ටේහ්‍යුන් කියන ඒවට හිනාවෙවී ටේහ්‍යුන්ට කියලම කවා ගත්තා....කවන අතරෙ ජිමින්ගෙ බෙල්ල වටේ ගැට ගහලා තිබුණ සර්වියට් එක හදලා ජිමින්ගෙ තොල්වල ගෑවිලා තිබුණ සෝස් ටේහ්‍යුන් මහපටැඟිල්ලෙන් පිහදලා ඒ ඇඟිල්ල කටේ දාගත්තා ම ජිමින් රතු වුණා....අන්තිමේ ටේහ්‍යුන් වතුර එක ජිමින්ගෙ අතෙන් තියද්දි තමයි ජිමින් දැක්කෙ කෑම ටික ඉවර වෙලා කියලත්....

ඊට පස්සේ ටේහ්‍යුන් ජිමින්ගෙ අතින් අල්ලගෙන ම රෙස්ටුරන්ට් එකෙන් එළියට ඇවිත් පාර දිගේ ජිමින්ගෙ අත අල්ලගෙන ම කියව කියව එන ගමන් මගදි ෆිශ් කේක් වගේකුත් ගත්තා.... ජිමින්ට නම් තවත් කන්න ඉඩ තිබුණෙත් නැති නිසා ජිමින් ඒවා එක අතක ගුළි කරගෙන අනිත් අත ටේහ්‍යුන්ගෙ ලොකු අත ඇතුළෙ ගුළි කරගෙන හිනා වෙවී ආවා....ගමනෙන් බාගයක් දුර ජිමින්ට පාර පෙනුණෙත් නෑ හිනා වේගෙන ම ඇවිත් ඇස් පුංචි වෙලා....ඒ වෙද්දි හවස හය විතර වෙලා නිසා පාර දිගේ කහ පාට ස්ට්‍රීට් ලෑම්ප්ස් පත්තු වෙලා තිබුණා....වින්ටර් එක කිට්ටු නිසා ඉක්මනට රෑ වෙනවා... මේ දවස්වල හය වෙද්දි කළුවරයි....

Just a Breeze || VminWhere stories live. Discover now