"ඔයා මගෙන් තෑගි කෝ කියලා අහන්නෙ නැද්ද ජිමින්?"ටේහ්යුන් අහද්දි ජිමින් තණකොළ බිස්සෙ පිටිපස්සට අත් දෙක තියලා එයාලට උඩින් තියෙන තැඹිලි පාට කොළ පිරුණු ගහ දිහා බැලුවා... කොළපාට තණකොල බිස්සෙත් තැනින් තැන තැඹිලි පාට කොළ වැටිලා....ජිමින් ටික වෙලාවක් ගහ දිහා බලන් ඉඳලා ටේහ්යුන්ගෙ පැත්තට ඇදිලා ටේහ්යුන්ගෙ කම්මුලෙන් පුංචි හාදුවක් තිබ්බා....
ටේහ්යුන් මොන තරම් ජිමින් එක්ක ෆ්ලර්ටි වැඩ කළත් මේ ජිමින් ටේහ්යුන්ට කම්මුලකට හරි කිස් එකක් දුන්න පළවෙනි වතාව....ජිමින් හරි සැහැල්ලුවෙන් ටේහ්යුන් ළඟින් ඈත් වෙලා ටේහ්යුන්ගෙ මූණෙ ඇඳිලා මැකෙන හැඟීම් දිහා බලාගෙන හිටියා...මුලින්ම පුදුමයක්...ඊට පස්සෙ සතුටක්...අන්තිමට ඒක විහිළුවක් කියන හැඟීම ටේහ්යුන්ගෙ මූණෙ ඇඳෙද්දි ජිමින්ගෙ පපුව හීනියට රිදුණත් ජිමින් ඒක ගණන් නොගෙන ඉන්න උත්සාහ කළා...
ටේහ්යුන් ජිමින් ළඟ දැඟලුවාට මොකද දැන් කරපු දේ නිසා ටේහ්යුන් හිටියෙ ශොක් වෙලා....එයා විහිළුවට පිරිමි ළමයි එක්ක විනෝද වුණාට කවදාවත් පිරිමි ළමයෙක් එයාගෙ මූණට ළංවෙලා තිබුණෙ නෑ....ඇත්තට ම ජිමින්ගෙ පිම්බුණු තෙත තොල් තමන්ගෙ කම්මුලේ වදිද්දි එයාව හිරි වැටිලා යනවා දැනුණා....ජිමින්ගෙ ඇස් දිහා බැලුව ටේහ්යුන් තත්පර ගානකට ඒ ඇස්වල පිරිලා තිබුණ බලාපොරොත්තු කන්දක් ම දැක්කා....
සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක් වුණාට ජිමින්ගෙ දිලිසෙන ඇස්වල රැඳිලා තිබුණ බලාපොරොත්තු නොතේරෙන්න තරම් ටේහ්යුන් බබෙක් නෙවෙයි....
ඒත් ඇහිපිල්ලමක් ගහන පමාවට ආයෙත් ඒ ඇස්වල තිබුණෙ සැහැල්ලු හිනාවක්....
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡