You were just a breeze I've mistaken for the breathe long ago......
"මොකක්ද මේකෙ තේරුම අප්පා? ඔයා කැමති ද මට කියන්න?"
තමන් මේතරම් දවසක් දැක්ක දේවල් ගැන ලොකුවට තැකීමක් නොකරන තද හිතක් තියෙන අප්පාව අඬවන්න පුළුවන් වුණ බැලූබැල්මට අවුරුදු විස්සක් තිහක් පරණයි කියලා පේන වාක්‍ය ගැන ඇතිවුණ කුතුහලය නිසා ම ලෝරා ඇහුවෙ පුටුවෙ වාඩිවෙලා ඉන්න තමන්ගෙ අප්පාගෙ මූණ දිහා බලන ගමන්....
"ලෝරාත් දැන් ආදරේ කරන කෙනෙක් නිසා මේ කතාව ලෝරාට කියන්න බැරි කමක් නෑ.... ලෝරාට අහන්න ඕනෙ කියලා හිතෙනවාද?"
අවුරුදු පනහක් විතර පෙනුණ තරුණ කාලෙ හොඩක් කඩවසම් ප්‍රියමනාප කෙනෙක් වෙන්නැති කියලා හිතන්න පුළුවන් වුණ පුද්ගලයා පුටුවෙ හරිබරි ගැහිලා වාඩිවුණේ ලෝරා තමන් ළඟ බිමින් ඉඳ ගත්ත නිසා....
"අනිවාර්යයෙන්ම කියන්න අප්පා...මම අහගෙන ඉන්නවා..."
" මේ කතාව පටන් ගත්තෙ මීට අවුරුදු තිහකට විතර කලින් ලෝරා......
.
.
.
.
.
.
.
.
.
.එදා කොලේජ් එකේ දෙවනි අවුරුද්දෙ ආරම්භක දවස.... ළමයි කලබලෙන් එහෙ මෙහෙ දුවමින් හිටියෙ දීර්ඝ නිවාඩුවකට පස්සෙ හමුවුණ මිතුරු මිතුරියන් සමඟ කතාබහ කරමින්....
තමන්ගෙ බෑග් එකේ පටි දෙක අත් දෙකට මිරිකගෙන ඇස් දෙක වැහෙන්න නළලට වැටිලා තිබුණ තඹ පාට කොණ්ඩයක් තිබුණ තරමක් මිටි හුරතල් පාට කොල්ලෙක් ලොකු කොලේජ් එකේ පාර දිගේ ඇවිදගෙන ආවෙ පුංචි ඇස් වලින් වටේම බලන ගමන්....ඒ ඇස්වල යන්තමට කඳුළුත් පිරිලා....
ඈත ඉඳන් බලන කෙනෙක්ට වුණත් පෙනුණා මේ පිරිමි ළමයා කොලේජ් එකට අළුත් කියලා වගේම එයා ඉන්නෙ අතරමං වෙලා කියලා....
කොලේජ් එක මැදින් වැටිලා තිබුණ පාර අයිනෙ තිබුණ ශීත ඍතූව අවසානෙ දළු දාන්න පටන් අරගෙන තිබුණ ලොකු ගහක් යටට වෙලා තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වුණ නම්ජුන් එක්ක කතා කර කර හිටිය ජින්ට ඒ පිරිමි ළමයා දැක්කාම පව් කියලා හිතුණා වගේ ම එයාගෙ හුරතල් පෙනුමට ජින්ට ආස හිතුණා....
නම්ජූන්ට මොනවදෝ කියලා ජින් අර පිරිමි ළමයා ළඟට ඇවිදගෙන යද්දි එතනම හිටිය අනෙක් කොල්ලො දෙන්නත් ජින් යන පැත්ත බැලුවා....
ජින් කියන්නෙ කොලේජ් එකේ මේ අවුරුද්දේ ප්‍රසිඩන්ට්....එයා ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්...ඉගෙන ගන්න දේවල් වගේම ගායනය, රංගනය වගේ බාහිර වැඩවලටත් ජින් දක්ෂ වුණා...
ප්‍රසිඩන්ට් විදියට ජින්ගෙ වගකීම අළුත් ළමයින්ට උදව් කරන එක....ඒත් එහෙම නොවුණත් ජින් උදව් කරනවා...මොකද ජින් කියන්නෙ කොලේජ් එකේම ප්‍රසිද්ධ වුණ ගොඩක් හොඳ සීනියර් කෙනෙක් වගේ ම තේරුමක් නැති බව දැන දැනත් තවමත් ගොඩක් ගෑණු ළමයින්ගෙ සිහින කුමාරවරු කීපදෙනාගෙන් එක්කෙනෙක්.....
"ඔයා පළවෙනි අවුරුද්දෙ ළමයෙක්ද?"
ජින් අහද්දි ඒ කොල්ලා ජින්ගෙ මූණ දිහා බලලා ඇස් ගිලෙන හිනාවක් දැම්මා...."මම දෙවනි අවුරුද්දට අළුතෙන් ආවෙ හ්‍යුන්....මට පන්තිය හොයා ගන්න බෑනෙ...."
හුරතල් කොල්ලා හිනාවෙලා යද්දි ජින් තමන්ගෙ අත දික් කරන ගමන් තමන්ව හඳුන්වලා දුන්නා..."මම තමයි මේ අවුරුද්දේ ස්කූල් ප්‍රෙසිඩන්ට්...කිම් සියොක්ජින්...ෆයිනල් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්..."
ජින් හිනාවෙලා කියද්දි ජිමින් එයාව හඳුන්වලා දුන්නා....
"මම පාර්ක් ජිමින්....කොරියාවෙ ලා බාල ම ඒකල ගායන ශිල්පියා විදියට තේරුණ නිසා මේ කොලේජ් එකට මාව ඇතුල් කර ගත්තෙ හ්‍යුන්...."
Park Jimin
15 years old
Solo singer & a collage studentජිමින් ටිකක් කතා කරගෙන යද්දි ජින්ට තේරුණා ජිමින් කියන්නෙ පේන තරම් ලැජ්ජාශීලී කෙනෙක් නෙවෙයි කියලා....කොහොමටත් ඒකල ගායන ශිල්පියෙක් විදියට ඒ තරම් දේවල් කරපු කෙනෙක් ලැජ්ජාශීලී චරිතයක් වෙන්න බැහැනෙ ඉතින්....
"අපි යමු....මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයාගෙ මල්ලි ව හමු වෙන්න යනවා කිව්වා.... එයත් සෙකන්ඩ් ඉයර්...අපි ඔයාව එක්කගෙන යන්නම්..."
💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡
Bye🌹
Sunshine 💖
YOU ARE READING
Just a Breeze || Vmin
Fanficසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡