පස්වන කොටස

162 31 27
                                    


ජිමින් කොලේජ් එකට ඇවිත් මාස හයක් විතර ගත වෙද්දි ජිමින් සෝලෝ අයිඩල් කෙනෙක් කියලා කොලේජ් එකේ ළමයි දැන ගත්තා ම ජිමින්ට හිතුවෙ නැති ප්‍රසිද්ධියක් ලැබුණා... ජිමින්ට ඒක කරදරයක් වුණත් ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා නිසා ඒක ප්‍රශ්නයක් වුණෙ නෑ....

මේ සතියෙම කොලේජ් එකේ ඉන්ටර් ස්කූල් බාස්කට්බෝල් මැච් නිසා ළමයි හරි කලබලයි....අද ජිමින් උදේ පාන්දර ම ක්ලාස් එකට ඇවිත් බෑග් එක තියලා එයා හදාගෙන ආව සැන්ඩ්විච් බොක්ස් එකයි ඔරේන්ජ් ජූස් බොට්ල් එකයිත් අතට අරගෙන ක්ලාස් එකොන් එළියට ගියේ අද ෆයිනල් මැච් එකට එයාගෙ යාළුවො වුණ යුංගි හ්‍යුන්,හෙසෝක් හ්‍යුන්, නම්ජුන් හ්‍යුන්, ජන්කුක් හතරදෙනා ම සෙල්ලම් කරන නිසා....

"කෝට් එකට ද යන්නෙ ජිමිනී? අපේ කට්ටිය තාම චේන්ජින් රූම් එකේ..."

බැල්කනි එකට හේත්තු වෙලා ක්ලාස් එක ඇතුළෙ ඉන්න ජිමින් දිහා පපුවට අත් බැඳගෙන බලාගෙන හිටිය ටේහ්‍යුන් හිනාවෙලා අහද්දි ජිමිනුත් එයාගෙ ඇස් ගිලෙන හිනාවෙන් ටේහ්‍යුන් එක්ක හිනා වුණා....

"එහෙනම් අපි එතනට යමු....මම එයාලට සැන්විචස් හදාගෙන ආවා...."
එයාගෙ අතේ තිබුණ බෝතලේ ඇඟට තද කරගෙන ජිමින් ලොකු බොක්ස් එක ටේහ්‍යුන්ට පෙන්වද්දි ටේහ්‍යුන් බෝතලේ තමන්ගෙ අතට අරගෙන ජිමින්ට යමු කීවා....

ළමයි සේරම වගේ තරඟ තියෙන තැනට ගිහින් නිසා කොරිඩෝ එක පාළු වෙලා තිබුණා...හිස් කොරිඩෝ එකේ ටේහ්‍යුන් එක එක දේවල් කිය කියා දෙකට නැමි නැමී හිනා වෙවී පස්සෙන් පස්සට ඇවිදගෙන ගියේ ජිමින් සැන්ඩ්විච් බොක්ස් එක අතකින් පපුවට තද කරගෙන අනිත් අතින් කට වහගෙන හයියෙන් හිනා වෙවී ඇවිදගෙන යද්දි...

හිනා වෙලා වැඩිකමට ම ජිමින්ව එහෙ මෙහෙ විසි වෙනවත් එක්ක...ජිමින්ට ඒක කරදරයක් වුණත් හිනාවෙලා වැඩිවුණාම ජිමින්ට බැලන්ස් නැති වෙන එක ටේහ්‍යුන් නම් දැක්කෙ හරිම හුරතල් දෙයක් විදියට....

තමන්ට ඉස්සරහින් ඇවිදගෙන යන ටේහ්‍යුන් තමන්ගෙ කන මටිටමට අතක් තියලා විනාඩි ගානකින් අත පහළ දැම්මාම ජිමින් හැරිලා බැලුවේ මොකක්ද වුණේ කියලා...

Just a Breeze || VminWhere stories live. Discover now