"ගුඩ් මෝනින් ජන්කුක්...""ආආ...ඔව් මම එයාපෝට් එකේ ඉන්නෙ...."
"නෑ අනේ...අපාට්මන්ට් එකට වෙලා ඉන්න බෑ කියලා හිතුණ නිසා ආවෙ..."
"ආ...ඔව් අයියෝ හරි වදේ අනේ...ඒත් මට එතනට යන්න විදිහක් නෑනෙ... හ්ම්..."
"නෑ නෑ ගාඩ්ලා එක්ක නෙවෙයි ආවෙ..මම මාස්ක් එකක් දැම්මා විතරයි...එයාලා ආවාම තමය කට්ටිය බලන්නේ... තනියම ඉද්දි ඇටෙන්ශන් අඩුයිනේ...මං අයිනකට වෙලා ඉන්නවා..."
"ආශ් ජන්කුක්...ජන්-හාහ්....අද මන් ඉවරයි.."
ෆෝන් එක දිහා බලාගෙන මූණ ඇද කර ගත්ත ජිමින් ආයෙත වෙලාව බැලුවා...නවයයි කාලයි...ජිමින් උදේ හයේ ඉඳලා මෙතන....හූඩි කැප් එක ඔලුවට දාගෙන මාස්ක් එකත් දාගෙන නිදි වගේ පුටුවකට වෙලා හිටිය නිසා ජිමින්ට කාගෙවත් අවධානයක් ලැබුණෙ නැති එකට ජිමින් ස්තූතිවන්ත වුණා...ජිමින්ට දැන් ඉස්සර වගේ තනි කැමැත්තට එහෙ මෙහෙ යන්න බැහැ...එයාව දැක්කා ම ෆේන්ට් වෙලා වැටෙන, බදාගන්න,ඇදගෙන ගෙදර යන්න ට්රයි කරන පිස්සු ෆෑන්ලා නිසා එයාගෙ නිදහස ගොඩක් ලිමිට් වෙලා... ජිමින් තරහ ගත්තෙ නෑ...ඒ එයාලා ආදරේ පෙන්වන විදිය වෙන්න ඇති කියලා ජිමින් හිත හදා ගන්න උත්සාහ කළත් ඒ හිතේ ඒ වැඩ ගැන කලකිරීමක් නොතිබුණා නෙවෙයි ඉතින්...
.
.
.
.
.
.
."යාහ්....පිස්සු හැදීගෙන එනවද මනුස්සයෝ....ගාඩ්ලා නැතිව අයිඩල් කෙනෙක් පැය ගානක් එයාපෝට් එකකට වෙලා ඉන්න එකේ රිස්ක් එක දන්නෙ නෑ වගෙ වැඩ කරන්නෙ ඇයි!?"
ජන්කුක් ඇස් පියාගෙන සින්දුවක් අහගෙන හිටිය ජිමින්ව ඇදලා අරන් නැඟිට්ටලා කෑ ගහද්දි ජිමින් හිනාවුණා..."මියානේ මියානේ ඉතින්...ඒත් මට මුකුත් වුණේ නැහැනෙ ජන්කුක්..."
"ආශ් ජිමින් ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ...මට...මට රිදෙනවා දෙයියනේ ඔයා මෙහෙම ඔයාව කරදරේ දා ගනිද්දි....මාව බය කරන්න එපා ජිමින්..."
ජන්කුක් පුටුවට වැටිලා ඇහෙන නෑහෙන ගානට තනියම කියවද්දි ජිමින් ඒක ඇහෙන්නෙ නෑ වගේ වෙලාව දහයට කිට්ටුයි කියලා අහක බලාගෙන ම කියලා ඉස්සරහට ගියා...

YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡