" ටේ....ටේටේ... න්-නෑ මගෙ ටේටේ නෙවෙයි..."
ජිමින් තනියම ම මුමුණ මුමුණ දුවන්න හැදුවත් ජන්කුක් ජිමින්ගෙ අත තද කරලා අල්ලගෙන ටේහ්යුන් ළඟට යද්දි ටේහ්යුන් ජන්කුක් එක්ක වෙනසක් නැතිව හිනාවුණා...ඒත් ජන්කුක් හිටියෙ හිනාවෙන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි... ජන්කුක් දැක්කා පහුගිය අවුරුදු පහ ජිමින් ගෙව්ව විදිහ... ජන්කුක් සමහර වෙලාවට පුදුම වුණා ජිමින් පිස්සු වැටුණෙ නැති එකට... ජිමින් ඒ තරම් බලාගෙන ඉඳලා අන්තිමේ ටේහ්යුන් කෙල්ලෙක් තුරුල් කරගෙන ආවාම ජන්කුක්ට කේන්ති ගියා...ඒකත් ප්රෙග්නට්?
" හුඟ කාලෙකින් ජන්කුකා..."
ටේහ්යුන් හරි සැහැල්ලුවෙන් හිනාවෙලා කතා කරද්දි ජන්කුක්ට හිතුණෙම ටේහ්යුන්ගෙ මූණ මැදට ම අත මිටි කරලා එකක් ගහන්න වුණත් ජිමින් තදින් ම එයාගෙ අත අල්ලගෙන ඉන්න නිසා ජන්කුක් කේන්තිය පාලනය කරගෙන හිටියා...."ඔහ්....මේ මගෙ වයිෆ් කිම් මින්සු... සූ...මේ ඉන්නෙ පොඩි කාලෙ ඉඳලම මගෙ සහෝදරයා වගේ හිටිය එකා... ජන්කුක්...එතකොට මේ...මගෙ හොඳම යාළුවා..ජිමින්....පාක් ජිමින්.. ඔයා දන්නවනෙ..."
ටේහ්යුන් ෆෝන් එකට එබිලා ඉන්න ජිමින්ව පෙන්නලා කියද්දි ජිමින් යන්තමට ඔලුව උස්සලා හිනාවෙලා බිම බලාගත්තෙ වැදගත් වැඩක් වගේ වුණත් ජිමින් හිටියෙ ජන්කුක් අත අත් ඇරියොත් වැටෙන ගානට....
" පාක් ජිමින්!? World famous Jm!! දෙවියනේ ඔප්පා ඔයා කිව්වෙ නෑනෙ ඔයාලා අඳුරනවා කියල....නයිස් ටු මීට් යූ ඔප්පා...දෙවියනේ මං ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් අනේ..!!"
ටේහ්යුන්ගෙ වයිෆ් ජිමින්ගෙ අත අල්ලගෙන උඩ පනිද්දී ටේහ්යුන් මින්සුගෙ ඉණ වටේ අත දාලා කෙල්ලව ළඟට අරගෙන කම්මුලට හාදුවක් දුන්නා..." දඟලන්න එපා සූ...ඔයා හැමතිස්සෙම අමතක කරනවා චෑම්ප්ව..."
"ම්-මම ව්-වාහනේට ය්-යනවා ජ්-ජන්කුක්..."
ජිමින් ජන්කුක් හැරෙන්නත් කලින් ජන්කුක්ගෙ අත ගසලා දාලා හැරිලා දුවද්දි මින්සු පුදුම වෙලා වගෙ බලාගෙන හිටියත් ටේහ්යුන් බිම බලන්නවා ජන්කුක් දැක්කෙ නෑ..." ම්ම්...උඹ බඳිනවා කියලා නිකමටවත් කිව්වෙ නෑ නෙ ටේයා...."
ජන්කුක් සාක්කු දෙකට අත් දෙක දාගෙන ටේහ්යුන් දිහා ම බලාගෙන කියද්දි ටේහ්යුන් අත් දෙකේ ඇඟිලි පටලන ගමන් හිනා වුණා...
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡