විසිහත්වන කොටස

85 21 31
                                    


නිදි කිරා වැටෙමින් හිටිය ජිමින් ගැස්සිලා ඇස් ඇරියෙ තමන්ගෙ ඔලුව ඩෙස්ක් එකේ වැදුණ නිසා....තාම පළවෙනි පීරියඩ් එකවත් ඉවර වෙලා නැතිව ජිමින් නිදි කිරා වැටෙනවා...

ජිමින් ඔලුව හරවලා බැලුවාම දැක්කෙ අන්තිම පේලියෙ ඉන්න සූබින්ලා කෑම කනවා.... කෙළවරේම ජනේලෙ අයිනෙ ඉන්න ජියා එයාගෙ අළුත් මේකප් සෙටි එක උකුළ උඩ තියන් එයාගෙ විකාර යාළුවන්ට ඒක විස්තර කරනවා...මිනා ෆයිනල් එක්සෑම් ෆේල් වෙයි කියලා හිතෙන ළමයි ටිකකට පාඩමක් කියලා දෙනවා.... ජන්කුක් මැත්ස් බුක් එකක් හරවගෙන පෑනක් හප හපා මොනවද කරනවා....

දැන් ජිමින් ෆයිනල් ඉයර්....ජිමින් මෙතනට ඇවිත් අවුරුදු තුනක් ගිහින්....එදා බෑග් එක අත් දෙකට තද කරගෙන බයෙන් වටපිට බල බල ආව ජිමින්වත් එයාගෙ ළඟට ඇවිත් කතා කරපු ජින් හ්‍යුන්වත් අද කොලේජ් එකේ නෑ....එදා ජිමින්ව පිළිගත්ත දඟ හාවාත් නෑ....ජිමින්ව හුරතල් කරපු ටේටේත් අද කොලේජ් එකේ නෑ....

ජින්,නම්ජුන්,යුංගි,හෙසෝක්,සූහි,ඩායොන්...ඒ හැමෝම තමන්ගෙ ෆයිනල් එක්සෑම්ස් ඉවර කරලා කොලේජ් එකෙන් අවුට් වුණා...

මුලින්ම අවුට් වුණ නම්ජුන් හ්‍යුන්,ජින් හ්‍යුන්ව මැරි කරලා කැනඩා ගියා...ඒ දෙන්නා ලොකු වෙඩින් එකක් ගත්තෙ නෑ....එදා චර්ච් එකටවත් නම්ජුන්ගෙ අප්පා, ඔම්මා....අඩුම ටේහ්‍යුන්වත් ආවෙ නැහැ... නම්ජුන් යන්න කලින් ජිමින්ගෙන් සමාව ගත්තා.... ඒත් ජිමින්ගෙ උත්තරේ වරදක් නොකර සමාව ගන්න එපා හ්‍යුන් කියන එක විතරක් වුණා...

යුංගි සූහි එක්ක එන්ගේජ් වෙලා ෆැමිලි බිස්නස් බාර ගත්තා....හෙසෝක් බලාපොරොත්තු වුණ විදියට ම එයාගෙ ඩාන්සින් ඇකඩමි එකක් පටන් ගත්තා... ඩායොන් ලෙක්චරර් කෙනෙක් එයාලා මේ අවුරුද්දේ අන්තිම මැරි කරනවා...

කොලේජ් එකෙන් ගිය අයගෙ ජීවිත ඒ විදියට වෙද්දි කොලේජ් එකේ ඉතිරි වුණ ජන්කුක් ,ජිමින් නොසෑහෙන්න වෙනස් වුණා...

එදා ආව හැමදේටම හිනාවෙන හුරතල් ජිමින් තද ගතිගුණ තියෙන කලාතුරකින් හිනාවෙන කතා නොකරම බැරි දේකට විතරක් කතා කරන කෙනෙක් වුණා...ඉස්සර එක පීරියඩ් එකක් කට් කළෙ නැති ජිමින් දැන් උදේට ඇවිත් බෑග් එක තියලා ගිහින් හවසට බෑග් එක අරගෙන යන්න එන කෙනෙක් වෙලා...

ඒ වෙද්දී ඉස්සර සෙසන්ග්නිම්ලට පෙන්නන්න බැරිව හිටිය ජන්කුක් ටේහ්‍යුන් ගියාට පස්සේ ඉඳලා නිහඬ චරිතයක් වෙලා....අහන දේකට උත්තර දීලා ඉන්න පොත පතට අවධානෙ දෙන ජන්කුක් හැමෝටම නුහුරු වුණත් එදා ඉඳලා කිසිම කෙනෙක්ට ජන්කුක්ව පහු කරලා ක්ලාස් ෆස්ට් වෙන්න නම් බැරි වුණා...

ටේහ්‍යුන් ගැන කිසිම ආරංචියක් නැති වෙද්දී ජිමින් පුරුදු වුණා තමන් හොඳින් බව පෙන්නගෙන ජීවත් වෙන්න... ටේහ්‍යුන් නැති එක තමන්ට පුරුදුයි කියලා පෙන්නගෙන ඉන්න...ඒත්.... ලෝකෙට හොරෙන් ජිමින් හැමදාම ඇඬුවා.... හැමදාම බලාගෙන හිටියා.... අවුරුදු දෙක හමාරකට විතර කලින් ටේහ්‍යුන් එයාගෙ වැල් අකුරුවලින් එයාගෙ මිනීට ලියපු ලියුම පපුවට තුරුල් කරගෙන ඉස්සර පාක් මැන්ශන් එකේ ජනෙල් පඩිය ළඟට වෙලා ඇඬුව පුංචි ජිමින් දැනටත් අපාට්මන්ට් එකේ වින්ඩෝ බෙඩ් එකට වෙලා ඒ ලියුම පපුවට ගුළි කරන් අඬන බව ජිමින්ටත් කළුවර අහසටත් සීමාවුණ රහසක් වුණා...

ජිමින්ගෙ කඳුළුවල බර දැනගෙන හිටිය එකම කෙනා වුණ මිලෝ අසනීප වෙලා ජිමින්ව දාලා ජිමින්ගෙ ඔම්මා ළඟට ගිය දවසෙ ජිමින් ජන්කුක්ට තුරුල් වෙලා ඉකි ගගහා ඇඬුවා.... ජිමින් ආදරේ හැමෝම ජිමින්ව දාලා යද්දි ජිමින් පුරුදු වුණා කිසිම කෙනෙක් ළං කර ගන්නෙ නැතිව ඉන්න.... කැමරාවකට විතරක් හිනා වෙලා ඉන්න... ජිමින් තනියම ඉන්න උත්සාහ කළා....කළුවරේ ඉන්න පුරුදු වුණා...

වටපිට බල බල හිටිය ජිමින් මේසෙ උඩ දිගෑරලා තිබුණ හිස්ට්‍රි බුක් එක වහලා දාලා පුටුවෙන් නැඟිටිද්දි ජිමින්ට ඇහුණා තමන්ගෙ පුටුවත් එක්ක ම ජන්කුක්ගෙ පුටුවත් පිටිපස්සට වෙන සද්දෙ.... ජන්කුක් තමන් ළඟින් ඉන්න එකට ජිමින් සතුටු වෙන්න ඕනෙ වුණත් සිද්ධ වුණේ ජිමින් ජන්කුක්ට බනින කෑ ගහන එක වෙද්දි ජන්කුක් කළේ බැනුම් අහගෙන ම ජිමින් එක්ක ඉන්න එක....

"ජිමිනී.."

" මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න ජන්කුක්! වදයක් වෙන්න එපා!!"
ජිමින් අත මිටි කරලා මේසෙට ගහලා දොර සද්දෙට වහගෙන එළියට යද්දි දොර දිහා බලන් හිනා වුණ ජන්කුක් ජිමින් ව මඟෑරෙන්න කලින් ක්ලාස් රූම් එකෙන් එළියට දිව්වා....

💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡

හායි බබාලා 👀❤️

මං ආවා....කට්ටිය වෙනස් වෙලා ඉතින්☹️💔
මේක ඇදෙනව වැඩී වගේද👉👈

Bye🌹
Sunshine 💖

Just a Breeze || VminWhere stories live. Discover now