Author POV
"ජිමින්....ඔයා බෙහෙත් බිව්වද?"
බැක් ස්ටේජ් එකේ වාඩිවෙලා ඉන්න ජිමින්ගෙ ළඟට දුවගෙන ආව ජන්කුක් අහද්දි ජන්කුක් එක්ක එන්ගේජ් වෙලා ඉන්න ගෑණු ළමයා වුණ යුන්හීත් කූල් වතුර බෝතලයක් අරගෙන ජන්කුක්ගෙ පස්සෙන් දුවගෙන ආවා... යුන්හී හරි අහිංසක ගෑණු ළමයෙක්... ජන්කුක් ටිකක් සැර කළත් කඳුළු පුරවගෙන බිම බලාගන්න යුන්හි කවදාවත් ජන්කුක්ව ප්‍රශ්න කරපු කෙනෙක් නෙවෙයි....බිස්නස් ඩීල් එකක් මත සිද්ධ වුණ එන්ගේජ්මන්ට් එකක් වුණත් යුන්හි ජන්කුක්ට ලෝයල් වුණා...
ඒත් ජන්කුක් ජිමින් එයාට බලන් ඉන්න එපා කියලා අවුරුදු දෙකකට පස්සෙත් තවමත් ජිමින් මත්තෙ නැහෙනවා... ජන්කුක් යුන්හිට රිද්දුවෙ නැහැ... මොකද ජන්කුක් දන්නවා යුන්හි කියන්නෙ සල්ලිවලට බලෙන් තමන්ගෙ බෙල්ලෙ එල්ලුණ කෙල්ලෙක් නෙවෙයි...ඉතින් ජන්කුක් යුන්හිට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ටික ඉෂ්ට කළා....
ඒත් ජන්කුක් යුන්හිට ආදරේ කළේ නැහැ... ජන්කුක් යුන්හිට බලාපොරොත්තු දුන්නෙත් නැහැ.... ජන්කුක්ට බැරි වුණා කාලෙකට කලින් ජිමින් ළඟ නැවතුණ එයාගෙ හිත එතනින් හොලවගන්න....
"ඔව් ජන්කුක්...මම හිතන්නෙ ඔයාලා දෙන්නා දැන් සීට්ස් වලට ගියා නම් හොඳයි...තව ටිකකින් පටන් ගන්නවනේ...යුන්හී ගොඩක් වෙලා ඉදලා මෙතන....ඔය දෙන්නා යන්න ජන්කුක්...
යුන්හි මට විශ් කරන්නෙ නැද්ද?"
ජිමින් මුල ටික ජන්කුක්ට කියලා අවසාන වාක්‍ය යුන්හි දිහා බලන් කියද්දි ජන්කුක්ට ජිමින්ට වඩා අවුරුදු තුනක් විතර බාල හුරතල් කෙල්ලෙක් වුණ යුන්හි එයාගෙ හීන් ඇස් තවත් හීන් කරලා හිනාවෙලා ජිමින්ට හග් එකක් දුන්නා...
"යුආ ඕල්වේස් ප'ෆෙක්ට් ජිමින් ඔප්පා...ලෙට්ස් ඩූ දිස්..."
යුන්හී ජිමින්ව හග් කරගෙන කියලා ජිමින්ගෙ කම්මුලකට පෙක් එකක් තියලා පැත්තකට වුණාම ජිමින් හිනාවුණා...ජිමින් ආස කළා යුන්හිගෙ අහිංසක ගතිගුණවලට....එයා යුන්හිගෙන් අවුරුදු පහකට කලින් ටේටේ එක්ක හුරතල් වුණ ටේටේගෙ මිනීව දැක්කා....ඒ ටේටේගෙ මිනී සහ අද ලෝකයක් දන්න අළුත් ඒකල සංගීතඥයෙක් වුණ පාර්ක් ජිමින් කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙන්නෙක් වුණා... ගතිගුණ,කතාබහ, ඇඳුම් පැළඳුම්, හැසිරීම....කෙටියෙන්ම කිව්වොත් හිනාවෙ පවා ලොකු වෙනසක් තිබුණා...ඒත් ඒක දැක්කෙ ටේටේගෙ මිනීව දැනගෙන ඉදලා පාර්ක් ජිමින් දිහා බැලුව ලේ බැඳීමක් නැති ජිමින්ගෙ පවුල විතරයි....
YOU ARE READING
Just a Breeze || Vmin
Fiksi Penggemarසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡