ජිමින්ට ගෙදර යන්න දුන්නා ම ජිමින් ටේමින්ට කෝල් කරන්න හැදුවත් ඒ වෙද්දිත් නම්ජුන් ජින් දෙන්නා වාහනෙන් ඇවිත් හිටිය නිසා ජිමින් ඒක නතර කළා... කොහොමටත් ජිමින්ට තේරිලයි තිබුණෙ ටේහ්යුන් ටේමින් ඉන්නවට කැමති නැහැ කියලා....ඒක පස්සෙ අහන්න හිතාගෙන දණහිස ළඟ ඉදලා බැන්ඩේජ් කරලා තියෙන කකුල එක්ක ජිමින්ට ඇවිදින්න බැරි නිසා ජිමින් යුංගි ,හෙසෝක් දෙන්න අරගෙන ආව වීල්චෙයා එකට මාරුවෙන්න හැදුවත් ටේහ්යුන් කතාව පිට ම උරහිසට අත තියලා එපා කිව්ව නිසා ජිමින් ඒ උත්සාහය අතෑරලා දාලා කතාවට අවධානෙ දුන්නා....යාළුවො ටික මේ හදන්නෙ ජිමින්ව ගෙදර නොයවා ජන්කුක්ගෙ පර්සනල් විලා එකකට අරගෙන යන්න.... එ්ත් එහෙම කළොත් අනිවාර්යයෙන්ම අප්පා තරහ ගන්න බව දන්න නිසා ජිමින් කතා කළා...."අහන්නකෝ....ඔයාලා මං ගැන වදවෙන නිසා ඔය විදියට කතා කරන බව දන්නවා....ඒත් මම මැන්ශන් එකට නොගියොත් අප්පට තරහ යයි...මාව බලන්න මේඩ්ලා ඉන්නවානෙ....ඔයාලා ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න.... නැත්තන් කරදරයිනෙ හැමෝටම..."
ජිමින් ජන්කුක්ගෙ අත අල්ලගෙන කියද්දි හෙසෝක් ජිමින්ගෙ ඔලුවට තට්ටුවක් දැම්මා...
"අපිට ඔයාව බලාගන්න බැරි නෑ පබෝ.."
"ඒත් ජිමින් කිව්ව කතාවෙ ඇත්තක් තියේ....එයාගෙ අප්පා ඉද්දි අපිට එයාව එහෙම ගෙනියන්න බැහැනෙ..."
සූහි කියද්දි යුංගිත් ඔලුව වැනුවෙ ඒක ප්රශ්නයක් නිසා..."දවසක් ම හොස්පිට්ල් ඉඳලා බලන්නවත් ආවෙ නැති මනුස්සයා ජිමින්ව බලයිද?"
ටේහ්යුන් කේන්තියෙන් වාගෙ කියද්දි ජින් ටේහ්යුන්ගෙ පිටට තට්ටුවක් දැම්මා...."අපි ප්රශ්න දුර නොයවා ජිමින්ව ගෙදර යවමු ටේ බෙයා... අපි සැරින් සැරේ ගිහින් බලමු එයාව...."
ජින් කියද්දි නම්ජුන් ජිමින්ව වීල්චෙයා එකෙන් තියන්න හැදුවත් ටේහ්යුන් ජිමින්ව හරිම සැහැල්ලුවට අත් දෙකට උස්සලා ගත්තාම සූහි,ජන්කුක් දෙන්නා එතන තිබුණ ජිමින්ගෙ බඩු වගයක් අතට ගත්තා....
.
.
.
.
.
.
.
.
.ටේහ්යුන් ,ජන්කුක් දෙන්නා හිටියෙ හිස් බාත්ටබ් එකේ වාඩි කරවලා හිටිය ජිමින්ව නාවන ගමන්....දෙන්නා කිව්වට ජන්කුක් කළේ සින්ක් එකේ ගැට්ට උඩින් වාඩිවෙලා මේ දවස්වල ජන්කුක් එක්ක යාළුවෙන්න දඟලන කොල්ලෙක්ට මැසේජ් කරන එක....

YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡