"මිනී.... දැන් ඇති...මෙහෙ එන්නකෝ..."
රැල්ල ළඟ එද්දි කකුල්වල වැදෙන්න කලින්ම කෑ ගගහ උඩ පනින ජිමින් දිහා බලාගෙන ටේහ්‍යුන් හතරවෙනි වතාවටත් කතා කළා...."අනේ ටේටේ..."
ජිමින් තොල් දෙක නොපිට පෙරල ගනිද්දි ටේහ්‍යුන් අතේ තිබුණ අයිස්ක්‍රීම් දෙක ජිමින්ට පෙන්නලා එතන තිබුණ බංකුවෙන් වාඩිවුණා....ජිමින් කකුල් දෙකේ වැලි ගස ගසා දුවගෙන ආවෙ අයිස්ක්‍රීම් එක දියවෙන නිසා වගේ ම ආයෙ කතා කරන්න තිබ්බොත් ටේහ්‍යුන්ට කේන්ති යයි කියලා හිතුණ නිසා....
"ටේටේ.....ඔයා දන්නවද....මං තව මාස තුනකින් කොරියාවෙන් පිට මගෙ පළවෙනි කොන්සර්ට් එක කරනවා... තනියම...ඔයා එනවා නේද බලන්න...."
ජිමින් අයිස්ක්‍රීම් එක මූණ ඉස්සරහට කරලා අල්ලගෙන කකුල් දෙක ගස ගසා හිනා වෙවී ටේහ්‍යුන් දිහා බලලා කියද්දී ටේහ්‍යුන් ජිමින් දිහා ආයෙත් මුහුද බලාගෙන හිනා වුණා..."ඔයා දැන් ලොකු ළමයෙක් මිනී... දඟලන්න එපා ඔහොම... අවුරුදු දාහතක් කියන්නෙ පුංචි ළමයෙක් නෙවෙයිනේ...."
ටේහ්‍යුන් ජිමින්ගෙ කලවකට අත තියලා කිව්වෙ ජිමින් දඟලද්දි එයාගෙ ලූස් ශෝට් එක උඩට ඇකිලෙන නිසා...."මිනී...අපි ෆොටෝ එකක් ගමු?"
ටේහ්‍යුන් එයාගෙ අළුත් ෆෝන් එක අතට අරගෙන අහද්දි ජිමින් හා කියන්න ඔලුව වනලා හිනාවුණා...ෆොටෝ එකේ ජිමින් කැම් එක දිහා බලන් එයාගෙ ඇස් ගිලෙන හිනාවත් දාගෙන ඉද්දි ටේහ්‍යුන් හිටියෙ කට වටේ චොක්ලට් ගාගෙන ඇස් පුංචි කරගෙන හිනාවෙන ජිමින් දිහා බලන්....
"ඒක හරි නෑ මිනී...අපි තව එකක් ගමු..."
කලින් ෆොටෝ එක ඩිලීට් නොකරම දෙන්නම කැම් එක දිහා බලන් ඉන්න ෆොටෝ එකක් ගත්ත ටේහ්‍යුන් ඒක ජිමින්ටත් ශෙයා කළා....ටේහ්‍යුන්ට ඕන වුණෙ නෑ කලින් ෆොටෝ එක ජිමින්ට යවලා එයාට අඬන්න තව හේතුවක් දෙන්න....මොකද ටේහ්‍යුන් හැම තැනකම කිව්ව ජිමින් මගෙ හොඳම යාළුවා කියන බොරුව කියන්න ටේහ්‍යුන්ගෙ දිව නැමුණට තමන්ගෙ ඇස් ඒ බොරුව පිළිගන්න කැමති නැහැ කියලා ටේහ්‍යුන් ඒ ෆොටෝ එකෙන් හොඳට ම දැක්කා...
"ජිමිනී....මට දවල්ට කන්න බැරි වුණා....අපි අද වේලාසනින් ඩිනර් ගමුද?"
ටේහ්‍යුන් හිටියෙ බඩගින්නෙ නොවුණත් ටේහ්‍යුන් ඊළඟට කියන්න යන දේ නිසා ජිමින් අනිවාර්යයෙන්ම අද රෑට කෑම කන එකක් නැහැ කියලා හිතුණ නිසා ටේහ්‍යුනං එහෙම ඇහුවා ම ජිමින්ගෙ පුංචි ඇස් නම් පුළුවන් උපරිමට ලොකු වුණා...
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡