"ටේ!! ටේ!! අනේ ටේ චුට්ටක් ඉන්න...මං විනාඩියකට වඩා ගන්නෙ නැහැ...අනේ ටේ ඔහො-ආව්හ්!"
ටේහ්‍යුන්ගෙ නම් කියලා කෑ ගගහා ටේහ්‍යුන්ගෙ පස්සෙ දුවන ගමන් හිටිය ජිමින් දාගෙන හිටිය කළුපාට සපත්තුව ඇදේ ගිහින් කකුල වළලුකර ළඟින් නැමුණ නිසා බිමට ම වැටෙද්දි ජිමින්ට කෑ ගැහුණා...එක අතක් සාක්කුවට දාගෙන වටේට පේන්න හැන්ඩ්ෆ්‍රී එක කනේ රඳවගෙන ටේහ්‍යුන්ට ජිමින්ගෙ කටින් පිටවුණ කෙඳිරිල්ල ඇහුණෙ නැතිව නෙවෙයි...ටේහ්‍යුන්ට ආයෙත් හැරිලා එයාගෙ හුරතලේ ළඟට දුවන්න හිතුණෙ නැතිව නෙවෙයි...ඒත් එයාට වටේ පිටේ දේවල් ඇහුණෙ නැති බව පෙන්වන්න කරපු රඟපෑම නිසා ටේහ්‍යුන්ට හැරිලාවත් නොබලා ඉස්සරහට යන්න සිද්ධ වුණා... ටේහ්‍යුන් හැරුණොත් ජිමින් දැන ගන්නවා එයාට ඇහිලත් ඇහුණෙ නෑ වගේ ආව බව...
.
.
.
.
.
.කකුල නැමිලා වැටුණ පාරට ජිමින්ගෙ පුංචි දුඹුරු පාට ඇස්වල කඳුළු පිරුණා..ජිමින්ට රිදුණා...ඒත්...වෙනදට තමන් නින්දෙන් කෙඳිරි ගෑවත් ඩෙස්ක් එක උඩ තියන් ඉන්න ඔලුව අතගාලා තමන්ගෙ නම කියන එයාගෙ ටේටේ ඇහුනෙ නෑ වගේ ගිය එක ජිමින්ට ඊට වඩා රිදුණා...කකුලට වඩා හිත රිදුණා ම ජිමින්ගෙ ඇස්වල පිරුණ කඳුළු කැට පිම්බුණ රෝසපාට කම්මුල් දිගේ ලිස්සගෙන පහළට වැටුණා...
"මං දන්නවා ඔයාට මාව ඇහුණ බව..."
ජිමින් බිම වාඩිවෙලා ම තනියම මුමුණලා එයාගෙ සීරිලා රතුවෙලා තියෙන වැලමිට දිහා බලලා හිනාවුණා..."ආව්හ්!"
ජිමින් හෙමිහිට නැඟිටගත්තත් එක අඩියක් තියන්න හදද්දිම එයාට තරු පෙනුණා..."ඔම්මා...රිදෙනවනේ..."
ජිමින් යටි තොලත් පෙරලගෙන රතුවෙලා තියෙන කකුල දිහා හොරෙන් බලාගෙන කියද්දි ම කවුරුහරි ජිමින්ගෙ ඔලුවට එකක් ගැහුවා..." රිදෙනවා කියලා උඩ බලාගෙන හිටියා ම හරියනවද මෝඩ හුරතලේ?"
ජන්කුක් ජිමින්ගෙ බිම වැටුණ පොතත් අහුලගෙන ජිමින්ව ඇඟට වාරු කර ගත්තා..."ගොඩක් රිදෙනවද?"
ජන්කුක් ජිමින්ගෙ කකුල දිහා බලාගෙන අහද්දි ජිමින් නෑ කියන්න ඔලුව වැනුවා වුණත් ජිමින්ගෙ කට නම් තවමත් ඇදවෙලා...
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡