Author POV
ජන්කුක්,ජිමින්,ටේහ්යුන් තුන් දෙනා ම ටේහ්යුන්ගෙ ගෙදර ලිවින්ග් රූම් එකේ වාඩිවෙලා හිටියා වෙද්දි එතන ටෙන්ශන් එක ගොඩක් වැඩි වුණා.... ඇවිත් වාඩිවුණ වෙලාවෙ ඉඳලා ම ජන්කුක් එක අතක් මිට මොළවගෙන අනිත් අතින් ඒ අත පිරිමදින ගමන් ටේහ්යුන් දිහා බලාගෙන ඉද්දි ජිමින් අත් දෙකම උකුළ උඩ ගුළි කරගෙන බිම බලන් හිටියෙ ටේහ්යුන් දිහා බැලුවොත් තමන්ට ඇඬෙයි කියලා බය හිතුණ නිසා ..ටේහ්යුන් ඇඟිලි දෙකකින් එක ඇහිබැමක් පිරිමදින ගමන් ජිමින් දිහා බලාගෙන හිටියෙ ජන්කුක් කියලා කෙනෙක් එතන නැති ගානට...
" ඉතින් මිස්ට කිම් ටේහ්යුන්.... තමුන් එදා කිව්වා තියලා යන්නෙ උඹෙ රෝසමල... පරිස්සම් කරපන් කියලා... මම පරිස්සම් කළා...ඔය උඹ ආව හැටිද? ආආ!?"
ජන්කුක් කෑ ගහද්දි ජිමින් ජන්කුක්ගෙ කලිසම දණහිස හරියෙන් මිරිකලා අල්ලගනිද්දි ටේහ්යුන් තත්පර ගානක් ඇතුළත ගෙවුණ අවුරුදු පහම හිතින් ආපස්සට ගියා....
.
.
.
.
.
එදා ජිමින්ව ගෙදරින් දාලා ෆ්ලයිට් එකට පැය හතළිස් ගානක් තිබුණ නිසා ටේහ්යුන් සිහි නැතිවෙනකල් ම බිව්වා....අන්තිමේ තමන් ඉස්සරහ ඉන්න මනුස්සයගෙ මූණ නොපෙනෙන ගානට මත් වෙන්න බිව්ව ටේහ්යුන් නින්ද යනකල් ම පාර අයිනෙ වකුටු වෙලා ඉකි ගගහා ඇඬුවා...පාරෙ යන අය වැස්සෙ තෙමි තෙමි වෙරිමතේ ඇවිදින ටේහ්යුන් දිහා පිස්සෙක් ගානට බලද්දි ටේහ්යුන් දරා ගන්න බැරිම කියලා හිතෙන තැන්වල පාර අයිනෙ වාඩිවෙලා විලාප තිබ්බා...
ටේහ්යුන්ට බැහැ....එයාට යන්න ඕනෙ නැහැ....ටේහ්යුන්ට බැහැ එයාගෙ හුස්ම ටික නැතිව ජීවත් වෙන්න... ටේහ්යුන්ට බැහැ ඒ හුරතල් ඇස් දකින්නෙ නැති දවසක් ගැන හිතන්න....
ඒත් අප්පගෙ වචන කන් ඇතුළෙ දෝංකාර දෙද්දි ටේහ්යුන් අසරණ වුණා...
"හ්යුන් නැටුව පිස්සුවම තමුසෙත් නැටුවොත් ටේහ්යුන්...මතක තියා ගන්නවා කොරියාව බැරි නම් ලෝකෙම ආදරේ කළාවෙ ඔය පාක් ජිමින්ව මං මරලා දානවා කිම් ටේහ්යුන්!! කොන්දක් නැති උන් දෙන්නෙක්ට අප්පා වෙනවට වඩා නම්බුයි මිනීමරුවෙක් වෙලා හිරේ යන එක !!"

YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡