ටේහ්යුන් එයාලගෙ ඉදිරිපත් කිරීමෙන් පස්සෙ මොන තරම් හෙව්වත් ටේහ්යුන්ට ශාලාව ඇතුළෙ ජිමින් ව හොයා ගන්න බැරිවුණා...ජිමින්ට එක දිගට ම කෝල්ස් ගත්තත් ෆෝන් එක ඕෆ් කියද්දි ටේහ්යුන්ට ටිකක් කේන්තිත් ගියා....
"ච්....මේ ළමයා කොහෙ ගියාද එක පාරම?"
අන්තිමේ කෝල්ස් විසි පහකට විතර පස්සෙ ජිමින්ගෙන් මැසේජ් නොටිෆි එකක් ආවාම තමයි ටේහ්යුන් ටිකක් හරි සන්සුන් වුණේ....
'අප්පා කලබලේ ම ගෙදර යන්න කතා කළා ටේ....මට කියලා එන්න වෙලාව මදි වුණා...'
නම්ජුන් ජින්ව දාලා යන්න අකමැති වුණ නිසා ටේහ්යුන්ට සිද්ධ වුණා එතනට වෙලා ඉන්න... මොකද අප්පා ආවොත් දෙන්නටම යන්න වෙනවා....අප්පා ජින් ගැන දන්නෙ නැති නිසා ටේහ්යුන් යන වෙලාවට ඇහැරවන්න කියලා චේන්ජින් රූම් එකකට වෙලා නින්දක් දැම්මෙ ජන්කුක්ලත් ගෙවල්වල ගිහින් නිසා....
.
.
.
.
.
.
.
.කා එක ගාර්ඩ්න් එකේ නතර කරද්දි ජිමින් වේගෙන් ගැහෙන පපුවට උඩින් අතක් තියාගෙන ලොකු හුස්මක් පාත දාලා දොර ඇරගෙන එළියට බැස්සෙ බැනුම් අහන්න හිත හදාගෙන....
"පාර්ක් ජිමින්!"
ජිමින් හෙමිහිට දොර ඇරගෙන ඇතුලට ඇවිත් දොර සද්දෙ ඔහෙන්නෙ නැති වෙන්න වහලා බිම බලාගෙන ම පඩිපෙළ පැත්තට හැරුණත් පිටිපස්සෙන් ඇහුණ තරහ පිරුණ කටහඬ නිසා ජිමින් බිම බලාගෙන ම ආයෙ හැරුණා...."තමුන් මොනවද මිනිහො මේ කරන්නෙ!?"
අප්පා කේන්තියෙන් ම අතේ තිබුණ නිව්ස්පේපර් එක බිමට දාන ගමන් නැඟිටිද්දි ජිමින් බයට ඇකිළුණා...."තමුන් හරි සිහියෙන් නෙවෙයි ද වැඩ කරන්නෙ ආආ!? අර කොල්ලෙක් එක්ක නටන්න ගියේ මොන එහෙකට ද ආආ! අමතක වුණාද තමුන් අයිඩල් කෙනෙක් කියලා!"
අප්පා පුටුව පිටිපස්සෙ තිබුණ වේවැල අතට ගන්න ගමන් අහද්දි ජිමින් අත් දෙක පිටිපස්සට කරලා ගුළි කරගෙන බිම බලාගෙන හිටියා..."ම්-මියාන් ඩ්-ඩැඩා..."
ජිමින් හෙමිහිට මිමිණුවත් ජිමින්ගෙ කකුල් කලවාවලට හයියෙන් වේවැල් පාරවල් දෙක තුනක් වදිද්දි ජිමින්ට කෙඳිරි ගෑවුණා....අප්පා පිටිපස්සෙන් හිටගෙන ම කතා කරද්දි ජිමින් ඉකි ගැහෙන එක නවත්තන්න තොල් හපාගෙන හිටියා....
YOU ARE READING
Just a Breeze || Vmin
Fanficසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡