විසි අටවන කොටස

85 22 19
                                    

"අප්පා!!"
ජිමින් අතේ තිබුණ ෆයිල් එක විසි කරලා කෑ ගහද්දි මීට කලින් කවදාවත් තමන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන කතා කරලාවත් නැති ජිමින් එහෙම කෑ ගැහුව එකට මිස්ට පාර්ක්ගෙ ඇස් නළලට ගියා...

"අ-අදල්"

"නෑ...ජිමින්...ජිමින් පාර්ක්.... එච්චරයි.....මම අද ඉඳලා ඔයාගෙන කාලා ඉන්නෙ නැහැ අප්පා...දැන් මම කරන දේවල් තීරණය කරන්න ඔයාට බැහැ....

ඔයා හිතන් ඉන්නවා නම් ඔයා මගෙ අප්පා කියලා එහෙම වෙන්න එකම හේතුව ඔම්මට මාව දුන්නෙ ඔයා වුණ එක විතරයි....ඒකට ගරු කරලා මම අවුරුදු දහ අටක්ම ඔයාට ඔලුව නවන් ගුටි කකා හිටියා...

තවත් නැහැ අප්පා...ඔයාට කැමති දෙයක් හිතාගන්න...මම මැරුණ කෙනෙක් කියලා අමතක කරලා දාන්න...ඔයාට පුළුවන් මම වගේ කොන්ද පණ නැති ළමයෙක් හිටියෙ නැහැ කියලා හිතන් ජීවත් වෙන්න...කොහොමත් මම මිස්ටේක් එකක්නේ....ඔම්මා ප්‍රෙග්නට් වුණ නිසානෙ ඔය දෙන්නා මැරි කරලා තියෙන්නෙ...

මම දන්නවා මගෙ ස්ටෙප් බ්‍රදර්ස්ලා දෙන්නා ගැන...ස්ටෙප් මාම් ගැනත් දන්නවා අප්පා...මම දන්නවා ඔයා ආයෙත් මැරි කළේ ඔම්මා නැතිවෙලා මාස තුනක් වෙන්නත් කලින් කියලා...කුමාවෝ අප්පා...ඔයා මාව බඩගින්නෙ තිබ්බෙ නෑ කන්න බොන්න දුන්නා....ඒ හැමදේට ම කුමාවෝ...

ඒත් තවත් බෑ අප්පා...මට මහන්සී....මම නොවෙන කෙනෙක් විදියට රඟපාලා මට මහන්සියි...ඔයා ඔයාගෙ පවුල එක්ක සතුටින් ඉන්න... මම යනවා...මාව හොයන්න එපා...ඒ වගේම ඔය කියන යුනි එකට මම යන්නෙ නැහැ...මම කොරියාවෙන් යන්නෙ නැහැ!!"

ජීවිතේ පළවෙනි වතාවට අප්පට කෑ ගැහුව ජිමින් පඩිපෙළ නැඟගෙන උඩට දුවලා එයාගෙ අතට අහුවුණ රෙදිකෑලි ටිකක් එක්ක එයාගෙ ඩයරි එකයි එයා ළඟ තිබුණ ටේහ්‍යුන්ගෙයි එයාගෙයි මෙමරි බොක්ස් එකයි තව පුංචි පුංචි දේවල් ටිකක් බැක් පැක් එකට දා ගත්ත ජිමින් බිත්තියේ අලවලා තිබුණ එයාගෙ කොලේජ් එකේ යාළුවො එක්ක ගත්ත ෆොටෝස් මිලෝ එක්ක ගැහුව ෆොටෝස් ටිකත් කලබලෙන් ගලවලා බෑග් එකේ පොකට් එකට දාගත්තා...

දොර ළඟට ඇවිත් හිස් කාමරේ දිහා බලාගෙන හිටිය ජිමින් පඩිපෙළ බැහැගෙන ඇවිත් දොර පැත්තට යන දිහා අප්පා බලාගෙන හිටියත් අප්පා ජිමින්ට නවතින්න කිව්වෙ නැහැ....

Just a Breeze || VminWhere stories live. Discover now