Jungwon එයාට හම්බවෙච්ච තෑගි බලන ගමන් හිටියා. එතකොට එයාගේ ඔම්මයි අප්පයි ගෙදර ආවා

Jisoo - Happy birthday පැටියෝ. මට අද  හුඟක් නඩු ආවා. ඒකයි

Jin - Happy birthday චූටි එකෝ. මේ වැඩ තොගේ එක්ක ළමයව බලන්නවත් වෙලාවක් ආවෙ නෑනේ. කෝ hyung

Jungwon- මං හිතන්නේ කාමරේ ඇති අප්පා

Jisoo - දැන් හොඳ ළමයා වගේ ගිහින් නිදාගන්නකෝ.

Jungwon- හරි ඔම්මා. Hyung මට හුඟක් ආදරෙයි කියලා මට අදයි තේරුණේ

Jin - ඔයා එයා එක්ක  මොනතරම් වලි දාගත්තත් එයා ඔයාට ආදරෙයි. දැන් නිදාගන්නකෝ. හෙට ඉස්කෝලෙ යන්නත් තියෙනවනේ

Jungwon- හරි good night

Jisoo - Sweet dreams පැටියෝ

Jungwon කාමරේට ගියා. Jin wash එකක් දාගන්න ගියා. Jisoo Jeongin ගේ කාමරේට ගියේ කොල්ලො නිදිද බලන්න.

ඒත් ඇඳේ හිටියේ Innie  ගේ පූසා විතරයි. Jisoo ට එතනම කෑගැහුණා
Jin බාගෙට සරමත් ඇඳගෙන කෑගැහිල්ල ඇහිලා ආවා

Jin- මොකද රත්තරන් ගෙම්බෙක්වත් දැක්කද?

Jungwon- ඔම්මා මොකද වුණේ?

Jisoo - Je..ongin...

එතකොට තමයි අනිත් දෙන්නට මීටර් වුණේ කොල්ලා නෑ කියලා. Jungwon ඊටපස්සේ ඔක්කොම පැත්තකට දාලා අඬන්න ගත්තා. Jin පොලිසියට call කරා.

ඒකත් Yeonjun ගේ phone එකටමයි. Yeonjun මහ රෑ දොළහට හරකෙක් වගේ ගොරවගෙන නිදාගෙන හිටියේ.

Yeonjun-* අයිෂ් මොකාද මේ මහ රෑ ගන්නේ *  Yobuseyo

Jin - මගේ පුතා ගෙදර නෑ

Yeonjun-කවුද මේ

Jin - Seokjin

Yeonjun ට දෙලොව රත්වුණේ ඊටපස්සේ. ඒ සතියේ මිනීමැරුම්  වුණේ නැති හින්දා එයා හිටියේ ටිකක් නිදහසේ. ඒත් ආයෙත් වැඩේ පත්තු වෙලා. ඒකත් එයාගේ මල්ලි බබාගේ හොඳම යාළුවෙක්ට

Jin - මගේ wife කොල්ලා නිදිද බලන්න යද්දී කොල්ලා ගෙදර නෑ කියලා දැනගත්තේ. දැන් මොකද කරන්නේ sir

Yeonjun-  කොහෙද කොල්ලා අන්තිමට හිටියේ?

Jin - මම දන්නේ නෑ. කොහොමහරි මගේ ළමයව හොයලා දෙන්න

Yeonjun ට ඒක අහලා තරු විසිවුණා. ඒත් බොරුවට

Yeonjun-හරි සර්. හොඳට කල්පනා කරන්නකෝ. ඔයාගේ පුතා කෙල්ලෙක් එක්ක පැනලා ගියා ද දන්නේ නෑනේ

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now