Eunha- ක්ලෝන් එකක්? ඔහෙට පිස්සුද? මේ වගේ වෙලාවක විහිළු කරන්න.  බොමී මම හිතුවේ නෑ ඔයා ඔහොම කෙනෙක් කියලා .

ඊටපස්සේ call එක cut වුණා.

Chaerin- මම මැරුණේ කොහොමද?

Beomgyu- ඒක දිග කතාවක්. ඔයත් හරකෙක් වගේ ඔන්නි ට call එකක් ගත්තනේ

Kai - මොකක්ද ක්ලෝන් එකක් කියන්නේ?

Beomgyu- මොකක් හරි ලබ්බක 100%ක කොපියක්.

Soobin- ඒත් ඒක වෙන්නේ කොහොමද ?

Taehyun- මම අදම අංගොඩ යනවා බන්. ඇත්තමයි. මන් හිතුවේ ගොන්කම හින්දා කෙල්ල තරහ වුණා කියලා. දැන් මැරුණ එවුන් ආපහු එනවා. මොනවද බන් මේ වෙන්නේ?

Chaerin-මම කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ?🤧

Beomgyu- උඹ මුහුණ දීපු හැටි මම දන්නවනේ. ඒක හින්දා ඕක මහලොකු දෙයක් නෙමෙයි.

Chaerin- Minah එදා වැරදියට තේරුම් ගත්තට මම මොනවා කරන්නද යකෝ?. උඹ කවදාවත් ඒක කියන්නේ නැද්ද?

Kai - එයාලා Set වුණා. ඔයාට මතක නැද්ද?

Chaerin- මම කොහෙමද හලෝ ඒක දන්නේ. අර ගුබ්බෑයමක් අස්සේ ඉඳලා ඇවිත්.

Yeonjun- මේ නන්ගි අපිට ඉක්මනට ඔයාගේ ගෙදර යන්න වෙනවා. අද ඔයාගේ Funeral එක.

Chaerin-  Funeral එක? මම මැරුණේ නෑනේ. 

Soobin- අපිට ඕවට උත්තර දෙන්න වෙලාවක් නෑ. ඉක්මන් කරමු.

ඊටපස්සේ Yeonjun එයාලව අරගෙන Eunha ගේ ගෙදර ගියා. එයාලා set එකම Coffin එකක් ගාව ඉඳන් වැලපෙන විදිහ.

Chaerin- මම එච්චරටම වැදගත් චරිතයක් ද?

කොල්ලෝ පස් දෙනා මුකුත් කිව්වේ නෑ. එයාලටත් තත්පර 5කට කලින් වෙච්ච දේ විශ්වාස කරන්න බැරුව හිටියේ.

Soobin-මේ නන්ගි ඔයා අවතාරයක් නෙමෙයි කියලා Sure නේද?

Chaerin- දැන්නම් මටත් Sure නෑ පිහියක් දෙන්නකෝ

Taehyun- බෙල්ල කපාගන්න ද යකෝ හදන්නේ. අසරණ අපි ගැන ටිකක් හිතන්නකෝ.

Chaerin- ඇත්තටම මගේ ලොකු ඔන්නි ඔයා හින්දා වෙන කොල්ලෙක් දිහා බැලුවේ නෑ.

අසරණ ටෙරී ඒක අහලා තවත් කම්පනේට පත්වුණා. Chaerin බොමියගේ අතේ තිබ්බ පිහිය අරගෙන අත කපාගෙන බැලුවා.

Beomgyu- මම ලේ වලට බයයි අනේ.

Chaerin- හරි මම අවතාරයක් නෙමෙයි. ඒ යක්කු ටික අහුවුණොත් නම් මම හොඳටම නෙලනවා ඇත්තමයි.

Yeonjun- Lisa ඔයාගේ ක්ලෝන් එක මැරුවා. අපි ඉස්සරහම

Chaerin- පව්. මටත් එයා ගැන දුකයි.

Kai - ඉක්මනට ගිහින් එයාලාට කතාකරන්න.

Chaerin- චොක්ලට් බිස්කට් ටික ඉතුරු කරන්න හරිද

●●●●

Dayun - එයා ඇත්තටම මැරුණද?

Eunwoo- මට ඇත්තටම කණගාටුයි නන්ගි.

Chaerin- ඔය දෙන්නත් Set වුණා ද? මට නිකන්වත් කිව්වෙ නෑනේ 🙄

එයාගේ හැකර කට අහලා පුරුදු ඔක්කොම ඒ පැත්ත හැරිලා බැලුවා. එයාලා පැයක් විතර ගල්වෙලා බලාගෙන හිටියා

Chaerin- මම මැරුණේ කොහොමද?

Eunha - න...න්...ගි මේ ඇත්තටම ඔයාද?

Songyi - ඔයා මැරුණේ නෑ නේද?

Wonju - Crash Landing on You එක ඇත්තටම වුණාද?

Chaerin- මොක්කුද මන්දා මාව Kidnap කරා

Songyi - කවද්ද?

Chaerin- අප්‍රේල් 2

Eunha - දැන් ටිකකට කලින් කතාකරේ ඔයාද?

Chaerin-.ඔයා මගේ නම්බරේවත් save කරගත්තේ නැද්ද? මම Sim එක වෙනස්කරා.

Minji- මේ ඇත්තටම ඔයාමද?

Chaerin- මම මැරුණේ නෑ. මම ඇත්තටමයි කියන්නේ

Minah - එතකොට ඔයා නෙමෙයි ද එදා අවසන් කැමැත්තට චූ කරන්න ඕන කියලා කිව්වේ 

ඒක අහලා Chaerin බොමියා දිහා බැලුවා.

Chaerin- මම නෙමෙයි.!😑

To be continued...🙂

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now