දොළොස් වන නෘත්‍ය 🥀

154 26 4
                                    

ආ..
එන්න එන්න... එන්න එන්න...
දෙවියන් ට පූජා කරන්න අගනා පුෂ්ප.....
උදෑසනින් ම ගස් වලින් නෙලාගත් විවිධ වර්ගයේ පුෂ්ප...
ලස්සන, සුවඳවත් පුෂ්ප....
ප්‍රේමවන්තියට, මෑණියන් ට, පතිනියට, සොයුරියට හිස දවටන්න අගනා පුෂ්ප.....
පිච්ච මල් වැලක් තඹ කාසියයි...
ලාබෙට ගන්න...

සුවඳ කූරු... විලවුන්.
එන්න එන්න.. අඩුම මිල අපෙන් විතරයි....
ලාබයි ලාබයි...

වටපිටාවෙ හොඳටම ඝෝෂාව. එහෙම නොවී තියේවිද..?
අද සල්පිල දවසනෙ... සමනලියගෙ සිත සැනසෙන්න සමනලී නර්මදා එක්ක සල්පිල නරඹන්න ඇවිත්. නොකීවට මොකද නර්මදාවට තරුණයන්ගෙ බැල්ම වැටෙනවට ඊර්ශ්‍යාවෙන් පසුවූ රාජ්කුමාර් අර්ජුන් නැමැත්තෙක් ඔවුන්ගෙ පිටුපසින් ඇස නොගැටෙන මානයෙන් ලුහු බඳිමින් ගියේ නැතිලු.

යුවරාජ් ට වරක් දෙවරක් නොව කිහිප වරක් ම ඇවිටිලි කළත් යුවරාජ් නම් නෙවෙයි සමනලියට මාලිගයෙන් පිට වෙන්න අවසර දුන්නෙ.
දඟකාර සමනලිය යුවරාජ් රාජසභාවේ කටයුතු වලට නික්ම යන තෙක් හිඳ හොරෙන් ම නර්මදා සමග මාලිගයෙන් පැන විත්....
යුවරාජ් පාර්වදී ගෙ ආරක්ෂාව පිණිස කිසිවෙකුත් විශ්වාස නොකරන බව දැන දැනත් පාර්වදී මාලිගයෙන් නික්ම ගිය බව යුවරාජ් දැන ගත්තොත් ඔහු තමා හා කුපිත විය හැකි බවත් සමනලියට අමතක වෙලා.

නර්මදා.....

ඕ.

පියවර කිහිපයකට පෙරදි ඔවුන්ට හමුවූ නැවුම් හා රසවත් පළතුරු විකුණන අළෙවිසැලකින් උක් දණ්ඩක් මිලට ගෙන එය හපමින් සිටි නර්මදා උත්තර දුන්නෙ වටපිට සිරි නරඹමින්.

කුමරිය ගංගා...
මට ඔබෙන් යමක් අහන්න කීවා....
මට පිළිතුරු දිය හැකිද...?

එය විමසන්නත් දෙයක් ද..?
මා ඔබ අසන පැනයකට පිළිතුරු නොදී ඉන්නව..
එය නම් කෙදිනකවත් විය නොහැක්කක්.
අසන්න බලන්න.

ඔබ....
රාජ්කුමාර් අර්ජුන් ගැන කුමක්ද සිතන්නේ..?

නර්මදා වගකට හෝ නොමැතිව සපමින් සිටි උක් දණ්ඩේ උක් පැණි උගුරේ සිරවී නර්මදා ට කැස්සක් පවා ඇති වුණා...
පැනය ඇසූ පාර්වදී නර්මදාගෙ පිටට සෙමෙන් තට්ටු කරන විට නර්මදා කිහිප විටක් තදින් කැස්සත්...
මොහොතක් ගත වන විට ඇගේ කැස්ස නතර වුණා.

නෘත්‍යා... A Jikook nonfic ✔️Where stories live. Discover now