අන්න අර ඉන්නෙ....
ඔහු වෙන්නැති ශිව...ක්‍රිතිකා දීපා ගේ නිවහනේ මිදුලේ උදැල්ලක් ගෙන ගෙවතු මෑ පැළ වටා පස් එකතු කරමින් ඒමට නියමිත බවට අනාවැකි පළ කෙරුණු වර්ෂාවෙන් ඒවා රැක ගන්නට කටයුතු කරමින් සිටි තරුණයා පෙන්වමින් කීවා.
ඔහු දන්නවා නිවැරදි නම් ඒ සිටින තැනැත්තාගේ හැඩරුව උමාගේ සැමියා ගැන පැවසූ තොරතුරු වලට ගැලපෙන බව ඇයට හිතිලා.නැහැ...
මා සිතන්නෙ ඔබට වැරදිලා ක්‍රිතිකා...
ඒ විද්‍යා ගේ සැමියා වීර් වෙන්න ඇති.
ඔබට දුටු සැනින් ඒ ශිවමයි කියා කියන්න බැහැනේ..ඔබ කියන්නේ මට වැරදිලා කියලද...?
නිසැකවම...
ඔවුන් දෙදෙනා ගෙමිදුලේ ගෙවතු මෑ පඳුරු වටකර පස් යොදන්නේ ශිව ද නැත්නම් වීර් ද යන පැනයේ වෙලී සිටියදී ඔවුන්ගේ පියා දුටුවා ඒ මග ඔස්සේ කඩිමුඩියේ පිටව යන වෙදදුරු ව.
තමාගේ කුඩා කල සිට අතිජාත මිතුරෙක් වූ වෙදදුරු දීපා ගේ කුලී නිවහනේ කුමක් සිදු කරන්නේද යන්න පිළිබඳව කුතුහලයක් ඇති වුණෙන් ඔහු තම මිතුරු වෙදදුරු නවතා ඔහු සමග කතාබහ කරන්න වූණේ දියණියන් ට ඕනෑම රණ්ඩුවක් කර ගැනීමට ඉඩ දී.අයියණ්ඩි... ඔබ මේ පැත්තේ....?
ආ ෂේකර්...
ඔව් මා මේ... නිවහනේ අලුත් යුවලකගෙ නිවහනට ආවෙ ප්‍රතිකාර කරන්න...කාට....?
අර ය.. ආ නෑ... මොකක්ද ඔහුගේ නම කීවේ... ආ... ශිව කියන්නේ...
අන්න ඔහුට..ඇයි ඔහුට මොකක්ද වෙලා තියෙන්නේ...?
අසිපත් පහරක් වැදිල ඔහුගෙ උදරයට. එක් දිනක් සිහිසන් ව ඉඳලයි ඔහුට සුවයක් ලැබුණේ...
එසේද...?
එවිට ඔහු ද අර නසරාණි තක්කඩීන් ව මරා දමන්න ඇත්තෙ...?
නැත්තම් එසේ සිදු වෙන්න විදිහක් නැහැනෙ..ඔව්... ඇත්තටම ඔහු අසිපතට නිපුණයෙක් ලු.
මෙලෙස කුඹල්හලේ අත්උදව් දුන්නට....මට සත්‍යය ම පවසන්න කීර්තිරාජ් අයියණ්ඩි...
ඔහු කවුරුන්ද....?
මා ඔහු සටන් කරන මොහොතෙ දුටුවා.. ඔහුගෙ ගෙලෙහි රාජස්ථාන් රජ පවුලට අයත් සූර්ය චන්ද්‍ර මාලය පැවතුනා...
ඔහු රජ පවුලේ අයෙක් නේද...?
VOUS LISEZ
නෘත්‍යා... A Jikook nonfic ✔️
Non-Fictionනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...