නුඹගේ මේ එක් අසිපත් පහරකින් මා නසා දමන්නට හැකි යැයි සිතීම ම මහා මුග්ධකමක් කුළසේකරන්....
නොවෙද සොයුරු අර්ජුන්...?එසේයි ශිව....
ඔබ හා මා අතර විරසකය තනිකරම නුඹගේ මුවින් අප පිය මහරාජ් වාසුදේව් ගේ මරණය ගැන වදන් පිටතට ගැනීමට කළ උපායක් පමණයි..
නුඹට පවසනු නොහැකියි ඒ බව දන්න කිසිවෙකුත් නැති බව...
කේරළයෙ, ගුජරාටයේ, රාජස්ථානයේ....
මේ හැම දේශයකම ජනතාවගේ දෙනෙත් පනාපිට අප පියාණන් මියගියා නොව නුඹ මරා දැමු බව හෙළි වුණා...මේ සිදු වන සියල්ල නිසාවෙන්, සහ අර්ජුන් ගේ අසික්ෂිත හැසිරීම හේතුවෙන් නර්මදා මෙතෙක් දිනක් අර්ජුන් සහ කුපිතව ඔහු හා කිසිඳු ගනුදෙනුවක් කරන්න අකමැතිව සිටියත් අර්ජුන් ගෙ මුවෙන් ම එවදන් ඇසෙද්දි නර්මදා ට අර්ජුන් ගැන ආඩම්බරයක් දැනුණා.
උපුටා ගැනීම
( දහසය වන නෘත්‍ය )දයාබර ජනතාවනි...
ඔබට දැනුවත් කිරීමට ඇත්තේ... පෙරදින රාත්‍රියේ අතිශය අවාසනාවන්ත අයුරින් අප පිය මහරාජ් වාසුදේව් මරණයට පත් වුණා.
ඔහුගේ අවසාන කැමති පත්‍රය මා දැන් ප්‍රකාශයට පත් කරනවා...යුවරාජ් ශිව ශංකර් දැඩි කටහඬකින් පවසද්දී මාලිගයට රැස් වුවන් පුදුමයෙන් යුතුව නෙත් හෙලා සිටියා.
ඉදිරියට යුවරාජ් පවසන දේ කුමක් වුවත් එය... මේ රාජ්‍යයේ අනාගතය රඳා පවතින තීරණය වනු ඇති බව සියලු ම දෙනා දැනුවත්...
කුපිත නෙත් යුවලක් අර්ජුන් හා ශිව දෙස මාරුවෙන් මාරුවට නෙත් යොමු කරද්දී, වෙනත් කුපිත නෙත් යුවලක් සුදු පැහැ සේද සාරියෙන් සැරසී සිටින උමාවගේ සුන්දර රූපකාය දෙසට නෙත් හෙලන්නට වුණේ කිසිවෙකුගේ නෙත නොගැටෙන පරිදි වුණා.රාජස්ථානයේ මහරාජ් වාසුදේව් වන මාගේ අවසන් නියෝගයයි.
මගේ මරණයෙන් මතු රාජ්‍යයයේ පාලන බලය මා පුතු රාජ්කුමාර් අර්ජුන් හට පැවරෙන අතර ඔහු දේශයේ සියලු කටයුතු පිළිබඳ වගකීම් දරනු ඇති.
යුවරාජ් ශිව ශංකර් යුවරජ පදවියෙන් ඉවත් කෙරෙන අතර ඔහුට සාමාන්‍ය රාජකුමරෙකු ලෙස දිවි ගෙවීමට අවසර ලැබෙනු ඇති.
එමෙන්ම.. රාජ්‍යයයේ අන්‍යෝන්‍ය සබඳතා වැඩිදියුණු කරගැනීම පිණිස රාජ්කුමරි ගංගා ගේ විවාහය කේරළ දේශයේ රාජ්කුමාර් විශ්වනාත් ගේ හිත මිත්‍ර , රාජ්කුමාර් ජග්දිශ් සිං සමග සිදු කරනු ඇති....
මගේ සිරුර භූමදානය කරන ලෙසත්, රාජ අංගනයෙන් එපිට, කාශි වල ශිව දෙවොල අසබඩ ගංගා නදිය අසල මගේ අවසන් කටයුතු සිදු කර ලෙසත් දන්වා සිටිමි.
මෙය මාගේ අවසන් නිවේදනයයි.
හර් හර් මහාදේව්.
ඔබ සැමට ශිව පාර්වදී ගේ පිහිට ආරක්ෂාව පතමි.
ESTÁS LEYENDO
නෘත්‍යා... A Jikook nonfic ✔️
No Ficciónනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...