දසවන නෘත්‍ය 🥀

158 25 6
                                    

සිලිං... සිලිං...

රිදී සළඹක ගිගිරි ගැටෙන හඬක්...
රිදී සළඹේ හිමිකාරිය ගෙ පා ඒ මේ අත යන තාලයට දම්, කහ සහ රෝස පැහැයෙන් වර්ණ කැවූ පන් පැදුර මත අතුරා තිබූ රතු පැහැ මිරිස් කරල් සර සර ගෑවා.

දැන් නම් ඒවා හොඳට ම වේළිලා. ඉතිරි වෙලා තිබ්බ සැන්දෑ හිරු කිරණ ට තවත් ඒ මිරිස් පැදුරේ වේලන්න දෙයක් නොමැති තරම්...

මිරිස් කරල් වේලමින් සිටි ඇයගෙ කෙස් වැටිය ඉනට වඩා මදක් පළලට දිගු වුණා. කෙහෙරැලි කිහිපයක් දෙපසින් අල්ලා පසුපසට කොට අඹරා, ඒ මැදින් පිච්ච මල් වැලක් පැළඳි ඇගේ සාරි පොට සුළඟට සැලුණා.

සැබැවින් ම මනස්කාන්ත රුවකට හිමිකම් කී ඈ අර්ධ චන්ද්‍රයෙක් වන් රත් පැහැ තිලකයක් නළලත දවටා සිටියද, එයින් ඇගේ සුන්දරත්වය මනාව ඔප් නැංවී පෙනුණත්...
මෙතෙක් වේලා මිරිස් වේලමින් සිටි ඇය තමාට අමතනු ඇසුනෙන් මිරිස් වියැලීම නතර කොට දමා හැරී බැලුවා...

" විද්‍යා......"

" පවසන්න පියානෙණි..."

" කුමක්ද මට මේ අසන්න ලැබෙන්නෙ විද්‍යා..?"

" කුමක් ගැනද ඔබ පවසන්නෙ පියාණෙනි..?"

තරුණිය විමසුවේ එතරම් කැමැත්තෙන් නොවන බව පැහැදිලි වුණත්.. ඇගේ පියා අමාත්‍ය චන්ද්‍රශේකර් හට නම් එහි තේරුමක් පැවතුනේ නැහැ..

" නුඹව මා රජ කුමරියකට සේ සැප සම්පත් දී දැඩි කරන්නෙ මතු අනාගතයේ නුඹව අග මෙහෙසුන් කරන්නට බව නොවැටහේද....? "

" වැටහේ...
සියල්ල ඉතා හොඳින් වැටහේ මා හට..
ඔබ මා දැඩි කරන්නේ පෝෂණය සපිරි ආහාර පාන ලබා දෙමින් මස් පිණිස ඇති කරන කිකිළියක සේ බව..."

විද්‍යා තම පියාව මායිම් නොකරමින් කීවේ මිරිස් පැදුර අසලට විශාල පන් වට්ටියක් ගෙන සර සර හඬ නැගෙන තෙක් වියලී ගිය මිරිස් කරල් එයට පුරවන අතරතුර.

" නුඹ මන්ද යුවරාජ් ගේ ස්වයංවර මංගල්‍යයට සම්බන්ධ නොවුණේ..... "

" මගේ යුවරාජ් ට කිසි ප්‍රේමයක් නැහැ... මට අවැසි නැහැ ඔහුගේ අන්තඃපුර බිසවක් වී කාලය ගෙවන්න...

නෘත්‍යා... A Jikook nonfic ✔️Onde histórias criam vida. Descubra agora