සමනලිය ඔවුන් සිටින නිවහනේ සඳලු තලයේ... ශිව පැමිණෙන තෙක් බලා සිටිනවා. වීර් හා විද්‍යා මේ වන විටත් උපවාසය අවසන් කරලා සඳ බලන චාරිත්‍රයත් අවසන් කරලා තිබුණා.
වීර් ගෙ අතින් විද්‍යා මේ වෙද්දි කෑම කනවා.
පෙරදි එකිනෙකා අතර දකිනවට වඩා වැඩි ප්‍රේමණීය බවක් වීර් හා විද්‍යා සතු වෙලා. ඔවුන් එකිනෙකාට හොර හොරෙන් හාදු දෙන හැටිත් සමනලිය දකිනවා.
ඒත් තවමත් ශිව නිවසට ගොඩ වුණේ නැහැ. ශිව එන තෙක් රාත්‍රී හතේ හෝරාවේ සඳ නැග ආ මොහොතේ සිට සමනලිය රාත්‍රි අටේ හෝරාව වෙනකනුත් බලා සිටිනවා.
සමනලිය මෙතුවක් කාලයකට පුරා දිනක් කුසගින්නෙ ඉඳල ම නැහැ. මෑණියන්ගේ පූජාව පැවැත්වෙන දිනට ඒ පූජාවේ ප්‍රසාද තැනෙන තුරු සමනලිය කුසගින්නෙ බලා සිට තිබුණත් ශිව ගේ දීර්ඝායුෂ වෙනුවෙන් සමනලිය පුරා දිනක් ම කුසගින්නෙ ආහාර හෝ ජලය වර්ජනය කරමින් සිට තිබෙනවා.
ඒ වෙලත් ශිව තවමත් නිවසට නොපැමිණි නිසාවෙන් සමනලිය ට ශිව ගැන දැනෙන්න ගත්තේ බියක්.නමුත් මොහොතකින් දහදිය වැකුණු ගතින් යුතුව ශිව නිවසට ගොඩ වැදුනෙ තමා අතින් වූ ප්‍රමාද දෝශය ට තමා හට ම බැණ වදින ගමන්.
චන්ද්‍රයා වළා පටල තුල සැඟවී ගියහොත් සමනලිය ට තවත් වේලා චන්ද්‍රයා වලා පටලයෙන් පිටතට එන තෙක් බලා සිටින්නට සිදු වන බව දුටු නිසා ශිව ට තවත් දුකයි.
තමා වෙනුවෙන් සමනලිය දිනක් ම කුසට අහරක් හෝ ජලය පානය කිරීමෙන් තොරව උපවාස කරන පළමු වතාව වුවත් තමා ඔහු වෙත යාමට ප්‍රමාද වීම ශිව කිසිවකු හට නොපැවසූ නමුත් ඔහුගේ සිත වරදක් ලෙස පිළිගෙන.වළාවෙන් වැසී ගිය චන්ද්‍රයා දෙස දෙතොල් උල් කරමින් බලා සිටි සමනලියගේ දෙනෙත් විසල් වුණේ කුමන නම් මොහොතක මේ චන්ද්‍රයා ත් ශිවත් පැමිණේ දැයි සැකයක් හිතට නැගුණු බැවින්.
ශිව ගේ පියවර හඬ පියගැට පෙළ නැග එන හඬ ඇසෙද්දී චන්ද්‍රයා වසාගෙන සිටි කලු සේද වලාකුළ එතනින් මෑත් වුණේ ශිව පාර්වදිය ගේ පළමු කර්වා චෝත් උත්සව සැමරුම ව්‍යර්ථයක් වීම වලකමින්.
ශිවත් චන්ද්‍රයාත් එකම මොහොතේ පැමිණීම ගැන සමනලිය ඉතා සතුටු වුණා. ශිව සමග එක් වූ ඒ ප්‍රේමණීය මොහොතෙන් පසු ශිව දෙස එක එල්ලේ නෙත් හෙලීමත් සමනලිය ප්‍රතික්ෂේප කළේ ලැජ්ජාවට.
නමුත් සමනලිය දන්නෙ නැහැ එවන් සෘංගාරී මොහොතකට පසු සමනලිය තමා ව මගහැරීම තනිකරම ශිව ට තමා අත වරදක් ඇත්දැයි සිතීමට පෙළඹවූ බව.
VOCÊ ESTÁ LENDO
නෘත්‍යා... A Jikook nonfic ✔️
Não Ficçãoනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...