හතළිස් දෙවන නෘත්‍ය 🥀

117 19 4
                                    

පසුදින උදෑසන එළඹෙද්දි සමනලිය සයනයෙන් බිමට පය තිබ්බා.
ශිවගේ ළයට ගුලි වෙලා ඔහුගෙ පිවිතුරු සුවඳින් ළය පුරවගෙන නින්දට යන්න සමනලිය ආශා කළා.

වීර් ඔවුන්ගේ නිවසේ ආගන්තුකයන්ට වෙන් කළ කුටියේ තවමත් ගොරවමින් නින්දේ සිටින බව පැහැදිලිව ඇහුණා.
ශිවගේ ඉන වටා හස්තය යවාගෙන ශිවට අනෙක් පසින් පුංචි දියණිය සනීපෙට නිදා සිටියා.
තවමත් නින්දේ සිටිය දියණිය සහ ශිවට එසේම සිටින්නට හැර සමනලිය ස්නානය කරන්න පිටත් වුණා.

සමනලිය එසේමයි.
උදෑසන අවදි වූ මොහොතේ ම ස්නානය කොට උදෑසන පූජාව සිදු කිරීමෙන් අනතුරුව තමයි සමනලියගෙ දවසෙ වැඩ පටන් ගන්නේ.
හිරු එළිය බිමට වැටෙන්නත් ප්‍රථම ව සිසිල් ජලයෙන් දිය නාලා සමනලිය අද කටයුතු ඉක්මනින් ඉවර කරන්න උත්සාහ කරනවා.
දීපාවලිය වෙනුවෙන් කැවිලි පෙවිලි වර්ග සූදානම් කරලා ශිව සහ දියණි සමග දීපාවලිය සමරන්න වෙලාවක් ලැබෙන්න නම් තමන් ඉක්මන් කරන්න ඕන කියලා සමනලිය දන්නවා.

නමුත් උදා වෙන හිරු කිරණත් එක්ක ම නිවසෙන් පිටත දුටුවම සමනලිය ගෙ පය එක තැනම නතර වුණා.
නැගෙනහිරින් උදා වෙන රන් පාට හිරු රැස් නිවසෙ ගෙමිදුලට වැටෙන්නෙ නැහැ.
ඒ වෙනුවට උදෑසනක් සේම ගෙමිදුලේ සිටගෙන සිටි බොහෝ පිරිසක් වෙත සමනලියගෙ නෙත් ගියා.
ද්වාරය විවර කරද්දිම ඔවුන්ගේ නිවස ඉදිරියේ මෙතරම් සෙනගක් දක්නට ලැබේවි යැයි සමනලිය අපේක්ෂා කළේ නැහැ.
දුටු දේ අදහහගන්න බැරි වුණු සමනලිය ඉක්මන් පියවරෙන් නැවතත් යහන්ගැබ ට ගියේ ශිව ව අවධි කරගන්න.

ශිව.... අනේ ශිව නැගිටින්නකො....

මොකද මගෙ සමනලී....?

අඩ නින්දෙන් ම සමනලියගෙන් අහපු ශිව දියණිය කොට්ටෙ මතින් තියන ගමන් ශිව අවදි වුණේ සමනලිය ඔහුව අවදි කළ නිසා.
ශිවගෙ උරහිසට දිග කෙහෙරැලි අවුල් වෙලා. නින්දෙන් අවදිවූ ගමන් ම ශිව දෙසට බැල්මක් හෙලන කාටවත් කියන්න බෑ ඔහු තමයි ඒ තද ගුරුදේව් ශංකර් කියලා.

නිවස ඉදිරියේ බොහෝ පුද්ගලයන් සිටිනවා...
හරියට... සෙබලුන් එහෙම...
මා දුටුවා මහරාජ් ජග්දීශ් වගේ ම සෙන්පති අර්ජුන් පවා....

නෘත්‍යා... A Jikook nonfic ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang