ඔබ සුවෙන් නේද මහරාජ්..?
මරණ මංචකයේ සිටින මගෙන් සුවදුක් විමසනුයේ මන්ද කුළසේකරන්..?
මේ බලන්න මහරාජ්...
ඔබේ දෙටු පුත් යුවරාජ් ශිව ශංකර් ඔබ ගැන සේම අන් කටයුතු පිළිබඳව ත් බලා ගන්නා නිසා..
ඔබට බිය වීමට හෝ දුක් වීමට කිසිඳු කාරණයක් නොමැතියි නේද මහරාජ් වාසුදේව්...?සුදු පැහැති සේද අතුරන ලද සයනයේ සුදුමැලිව වැතිර සිටි පැසුණු ඝන රැවුලක් ඇති රාජස්ථානයේ මහරාජ් වාසුදේව්... අසලින් ම අසුන් ගනිමින් ඔහුට කතා කරන්නට වුණේ කේරළයේ මහරාජ් කුළසේකරන්.
නුඹ මන්ද ඔය ලෙස කතා කරනුයේ කුළසේකරන්...
ඔබතුමා සිතන්නේ කුමක්ද...?
රාජ්‍යයේ කිරුල ඔබෙන් මතු හිමි විය යුත්තේ ඔබේ පුතු අර්ජුන් හට නොවේද..? වෙනතක සිටින ශිව ශංකර් කෙසේද මෙම රාජ්‍යයේ රජ වෙන්නෙ..?
ඔබට එවැන්නක් සිතෙන්නෙ නැතිද සැබෑවටම..?නුඹ මට හඬ උස් කරන්නේ නුඹ කවුරුන් කියා සිතාගෙන ද කුළසේකරන්? මතක තබාගනු....
කේරළය රාජස්ථානයට අයත් එක් කුඩා බිම්කඩක් පමණක් බව.. රාජස්ථානයේ සුබසෙත පිණිස මා තෝරා ගන්නේ ශිව පමණයි..
ඔහු අපට මහාදෙවියන් ගේ ආශිර්වාදයෙන් හිමි වුණේ. ඔහුගෙ උපත පවා රාජ්‍යයට ආශිර්වාදය රැගෙන ආවා. මා හට ශිව හැර වෙනත් යෝජනා නොමැතියි කුළසේකරන්..
ඔහු සාක්ශාත් රුවෙන් ම ඊශ්වර හා සමයි මා හට...නමුත් මන්ද...?
මන්ද නුඹ පිළිගනු නොරිසි....
ශිව නුඹගේ පුතු නොවන වග... මන්ද ලජ්ජාවක් එයට පමණක්..?මා කුමට පැකිලෙනුද පවසන්න ශිවගේ සැබෑම පියාණන් මා නොවේ...
නමුත් ශිව මාගේ පුතු තමයි.... ඔහු මගේ දරුවා. මම ස්නේහයෙන් උස්මහත් කොට ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් සහ බුද්ධියෙන් අගතැන්පත් ව වැඩූ මාගේම පුත් රුවනයි ශිව...
ඔහුගෙ සැබෑ මාපියන් මේ දේශයේ ඉහලින් ම නම් කියවෙන, මියගිය මාගේ ජ්‍යෙෂ්ඨ සොයුරු මහරාජ් විශ්නුගුප්ත සහ මහරාණි දේවයානි ගේ එකම පුතු බව මා හට කීමට ලජ්ජාවක් මන්ද අවැසි...?
මා ආඩම්බරයි ඔහුට සුලු පියා ලෙස හෝ පියෙක් වීමට ලැබීම ගැන...
ඉදින් අර්ජුන්ට වඩා කිරුලට වැඩි අයිතිය ඇත්තේ ශිවට නොවේද..?
KAMU SEDANG MEMBACA
නෘත්‍යා... A Jikook nonfic ✔️
Nonfiksiනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...