හතළිස් හතරවන නෘත්‍ය 🥀

118 18 6
                                    

අයියණ්ඩීඊඊඊඊ....

මහරාණි ගංගා මොහොතක් හෝ පමා නොකර තම සොයුරු සේම හිතවත් ශිවගේ ගෙල වැළඳ ගනිද්දී ශිව සිනහ වුණා.
ගංගා ජග්දීශ් කේරළයේ මහරාජ් ලෙස කිරුලු පළන් දිනයේ කේරළයේ මහරාණි ලෙස අභිෂේක ලැබුවා.
එනිසා ඇගේ රූපශ්‍රීය ද දුටු පමණින් යමෙක්ගෙ සිත් ඇද බැඳගත්තා.

ගංගා....?

මට කමා කරන්න අයියණ්ඩි.
ඔබ වෙනුවෙන්...
කිසිවක් කළේ නැහැ මේ අඥාන නැගණිය...

එයට කුමක්ද කළ හැක්කේ ගංගා..?
ඔබටවත් මටවත් කාලය ආපසු හරවනු නොහැකියි...
මා හට එසේ කිරීමට හැකියාවක් ලැබුණොත් ...
ඒත් මම එසේ නොකර සිටීවි.

ශිව සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගනිමින් පවසද්දී සමනලියත් ඔහු අසලට ආවා.


















මේ තමයි නෘත්‍ය මණ්ඩපය....
මෙහි තමයි දේවි උමා ස්වයංවර මංගල්‍යයට පෙර නර්තනයේ යෙදුනෙ.
මහරාජ් ශිව යුවරාජ් ව සිටි අවධියේ රාජ්කුමාර් විශ්වනාත් නැමැත්තෙක්ගෙන් බේරගන්න ත් දේවි උමා මෙතන නෘත්‍යයේ යෙදිලා තියෙනවා...
ඇත්තටම ඔබේ මෑණියන් බොහෝ ශක්තිමත් අයෙක් රාජ්කුමාරී...
මහරාණි උමා ගොඩක් ශක්තිමත් අයෙක්....

කුඩා දියණිය පුදුමයෙන් ඉතා අපූරු නෘත්‍ය මණ්ඩපය දෙස නෙත් හෙලනකොට පුංචි අශ්වින් තවත් කතා කළා.

ඔබතුමීගෙ මෑණියන් ව කාශි වලදිලු මහරාජ් ට හමු වෙලා තියෙන්නෙ...

ඔබ ඔය කියන්නේ මහරාජ් ශිව සහ දේවි උමාගෙ කතාවනේ...?
එය කොහොමද මගේ මෑණියන් ට ගලපන්නෙ...?

එවිට මණිකර්ණිකා පවසන්නේ...
ඔබ ඔබේ පියා ගුරුදේව් ශංකර් මහරාජ් ශිව බව දන්නෙ නැහැ කියලද...?

කුඩා දියණිය හිස දෙපසට සලමින් එය එසේ නොවන බව පෙන්වීමට උත්සාහ කළා.
එයින් වුණේ අශ්වින් තව මදක් පුදුම වීම පමණයි.

එවිට ඔබගේ මෑණියන් දේවි උමා බව දන්නෙත් නෑ...?

ඔවුන් මට එවැන්නක් පැවසුවෙ නැහැනෙ අශ්වින්....

සමහරවිට....
ඔවුන් එය නොපවසා ඉන්න හේතුවක් ඇති.
මගෙ මෑණියන් කියනවා...
වැඩිහිටියන් දරුවන්ගෙන් දෙයක් හංගනවා නම් ඒකට හේතුවක් තියෙනවා කියලා..
සමහර විට...
ඒ දේවල් ගැන දැනගන්න...
ඔබ සහ මම කුඩා වැඩි ඇති.

නෘත්‍යා... A Jikook nonfic ✔️Onde histórias criam vida. Descubra agora