විසි අටවන නෘත්‍ය 🥀

92 17 2
                                    

සිහිසුන් ව සිටි ශිව ට ප්‍රතිකාර කළ වෙදැදුරු කුටියෙන් පිටතට පැමිණේද්දී සමනලිය පමණක් නොව වීර් සහ විද්‍යා ත් කලබලයෙන් ඔහු වට කර ගත්තා.

එතුමට කෙසේද...?

පාර්වදිය සිහින් කටහඬකින් විමසුවේ විසල් දෙනෙත් හා පපුවට ගුලි කරගත් දෑත් සමග.
ශිව ගේ තත්ත්වය පිළිබඳව සමනලිය ට බිය සිතුනත් එය ගැන වෙදැදුරු කී වදන් හමුවේ ඔහුගේ සිත සන්සුන් වුණා.

බිය වෙන්න දෙයක් නෑ රාජ්කුමාරී. එතුමගේ ශරීරයෙන් වහනය වූ රුධිරය ප්‍රමාණය වැඩි නිසා එතුමා සිහිසුන් වුණත්...
යුධ බිමේ මීටත් වඩා බොහෝ අධිකව තුවාල ලබා සිටියදී පවා එතුමා දිවි රැකගෙන තියෙනවා.
දින කිහිපයක විවේකය සහ නිසි පෝෂණය ලැබුණොත් එතුමට ඉක්මනින් ම යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
මා ඔෟෂධ කිහිපයක් නිර්දේශ කරන්න ඒවා කොටා පත අට එකට හිඳවා තුවාලයේ ආලේප කරන්න.
එවිට ඉක්මනින් එතුමට සුව වේවි.

ඔබ ශිව ව මීට පෙර හඳුනනවද වෙදැදුරු...?

සමනලිය ට වෙදැදුරු ශිව ව පෙර සිට හඳුනන බවක් දැනුණෙන් ඔහු විමසුවා.

එසේයි...
ගුජරාටයේ ජනතාව ට සොරුන්ගෙන් අධික හිරිහැර සිදුවන බව මා එතුමට විටින් විට පෙත්සම් මගින් දැනුවත් කර තිබුණා.
එතුමා වරක් මාව මාලිගය ට කැඳවා ඒ ගැන ප්‍රශ්න කළා සේම ඔහුගේ සොයුරු රාජ්කුමාර් අර්ජුන් ව එම ගැටලුව විසඳීම වෙනුවෙන් එවන බව එතුමා මා හට කීවා.
රාජකීය ලීලාවෙන් දැක පුරුදු එතුමව එක්වර ම සාමාන්‍ය වස්ත්‍ර හැඳ පැළඳ සිටිනු දුටු විට මට විශ්වාස කර ගත නොහැකි වුණා.
ඒ යුවරාජ් ශිව ශංකර් ම බව..

මහරාජ් අර්ජුන් ගේ පදවි ප්‍රාප්තිය සමග අපට මාලිගයෙන් නික්ම යෑම ට නියෝග හිමි වුණා.
ශිව මෙහි ජීවත් වන බව කිසිවකුට දැනගන්න තබන්න එපා. උපකාරයක් සේ සලකා එය සිදු කළ හැකියිනෙ...

හොඳයි රාජ්කුමාරී...
ඔබේ නියෝගය ඉටු වේවි. නමුත් එතුමට මේ පහරදීම සිදු කළේ කවුරු වුණත් ඔවුන් ට නම් නිසැක වශයෙන්ම දණ්ඩන හිමි විය යුතුයි.
ඒ පිළිබඳ මා හැකි සියල්ල ම සිදු කරනවා.

නෘත්‍යා... A Jikook nonfic ✔️Donde viven las historias. Descúbrelo ahora