ශිව සිටියෙ ඔහුගෙ සයනයේ වාඩි වෙලා. ඔහුව මේ වන විටත් වෙදදුරු පරීක්ෂා කරමින් සිටියා.
ඔහුගේ තුවාලයේ ඉතා පිරිසිදුව සකසා ගත් ඔසු ප්රවේසමෙන් ආලේප කළ වෙදදුරු පසෙකට වද්දී ශිව ඔහු හා කතා බස් කළා.ඔබ මගෙ අනන්යතාව කිසිවෙකු ට පැවසුවේ නැහැ නේද වෙදදුරු...?
නොවේ උතුමාණනි... මා කිසිවෙකුටක් කීවෙ නැහැ.
එය හොඳයි...
නැතිනම් ජනතාව අතර මා මෙහි සිටින බව පැතිර ගියහොත් ඔවුන්ගෙන් මගේ සොයුරු අර්ජුන් හට බලපෑම් එල්ල විය හැකියි.
එය සිදු විය නොයුත්තක්... එනිසා මේ සත්යය සඟවා ම තබා ගන්න..
වැටහුණා ද...?එහෙමයි.... ඔබතුමා ගෙ අණ ඉටු වේවි...
වෙදදුරු ගේ තීරණය ට එකඟතාව පළ කරමින් ශිව හිස වැනුවා. නමුත්... සමනලිය ශිව අසල පෙනෙන්නවත් නැහැ. සමනලිය ජනේලය අසලින් ම අසුන්ගෙන පිටත බලාගෙන තොලුත් නොපිට පෙරලන් ඉන්නවා.
ශිව තමන්ව මගහරින එක දරාගන්න නම් සමනලිය ට අපහසුයි..ශිවටත් එය නොතේරෙනවා නෙවෙයි. නමුත් ශිව ගේ ප්රේමය ප්රශ්න නොකරන්නට සමනලිය ට තිබුණා. කට වරද්දගත් නිසා සමනලියට තමන් එක්ක තමයි වැඩිපුර ම කෝප...
සමනලිය ශිව ගෙන් සමාව ඉල්ලන්න ශිව ලඟට ගිහින් කතා කළත් සමනලිය පවසන කිසිත් නෑසෙන ගානට ශිව ඉන්න නිසා සමනලිය තමන්ගෙ හස්තයේ විවාහය වෙනුවෙන් ජයටම ඇඳි මෙහෙන්දි කෝලම් දෙස බලා සිටියා.කුඩා බෝල නේත්ර වලට කඳුලු පිරිච්ච නිසා ශිව තමාව දැක්කත් මගහරින බව දැන දැන සමනලිය මූණ කවුලුවෙන් එලියට දැම්මා.
හරියට ඔහුට පිරිසිදු වාතය අවශ්ය වෙලා වගේ....තමා මෙතුවක් කල් ලඟ තබා සිටි අනර්ඝ මුතු අත් පළඳනාව ගලවා එය වෙදදුරු අත තැබූ ශිව... ඔහුට පිටව යන්න අවසර දෙද්දී ශිව දුන් ත්යාගය දෝතින් ම පිළිගෙන තමා දෙස එක එල්ලේ නෙත් යොමා සිටින ශිවටත්, කවුලුවෙන් පිටත දෙස දුක්බරව බැල්ම හෙලා සිටින සමනලියටත් ආචාර කොට එතැනින් නික්ම යද්දී, සුපුරුදු නිහඬතාවය මැද ශිව සහ සමනලිය නැවතත් තනි වෙලා....
ශිවට හොඳින් ම පේනවා... තමන්ගේ බොරු තරහ ඇත්තක් බව සිතන් සමනලිය කවුලුවෙන් පිටත බලා දුක් වෙනවා.
සත්යය ම පැවසුවොත්... ශිව සිටියෙ කනස්සල්ලෙන් මිසක් කෝපයෙන් නොවුණා...
ඔහු සමනලිය තමාගෙන් සමාව අයැදීමක් සිදු කරාවිද යන්න පිළිබඳව දැන ගැනීමට තමයි ශිව මෙතෙක් සමනලිය නුදුටු අයුරින් ඔහුගේ වදන් කෙරෙහි අවධානය නොදෙන අයුරින් රඟපෑවෙ...
BẠN ĐANG ĐỌC
නෘත්යා... A Jikook nonfic ✔️
Phi Hư Cấuනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...