යුවරාජ් ශිව ශංකර් ට හිමි රාජකීය කුටියේ සයනය මත ශිව වෙදදුරු දුන් ඔසු පානය කිරීමෙන් අනතුරුව නින්දේ පසු වුණා.
නෘත්‍යා ගේ ඉල්ලීම පරිදි වෙදදුරු ශිවට නින්ද යැමට අවශ්‍ය ඔසුද ඒ සමග ම කලවම් කොට පානයට දුන්නේ ශිව පසුගිය වතාවේ ලබා ඇති තුවාල පවා ගැඹුරින් කැපී ඇති නිසා.රාජකීය වෙදදුරු බොහෝ ගෞරවයෙන් ශිව හට ප්‍රතිකාර කරද්දී අර්ජුන්, නර්මදා, ජග්දීශ් සහ ගංගා සේම වීර් සහ විද්‍යා ද ශිවගේ තත්ත්වය දැනගැනීමට කුටිය අසලට වී බලා සිටියා.
අර්ජුන් විසින් ඇසින් දුටු සාක්ෂිකාර රට වැසියන් නැවතත් ඔවුනොවුන්ගේ නිවාසවලට පිටත්ව යන ලෙස උපදෙස් ලබා දී පිටත් කළත් ඔවුන්ගෙන් දක්නට ලැබුණේ ශිව සහ අර්ජුන්ගේ උපාය කෞෂල්‍යය ගැන සතුටක් සේම කේරළයේ රජ පවුලගේ තුච්ඡ ක්‍රියාකාරකම් ගැන ඇති වූ කෝපය වුණා.නෘත්‍යා තද නින්දෙ පසු වූ ශිවගේ නළල මතින් හාදුවක් තවරමින් කුටියෙන් පිටතට පැමිණියා.
වෙදදුරු වීදුරු වළලු වලට කැපුණු නෘත්යාගේ හස්තයට ද බෙහෙත් යොදා වෙලුම් පටි ගැටගසා තිබුණු නිසා සමනලියගෙ තුවාලත් ඉක්මනින් ම හොඳ වෙයි.සමනලියගෙ සළඹ හඬ ඇසෙද්දි සියලු දෙනාම ඔහුට ආචාර දැක්වුවා. සමනලිය ට සිදුවන කිසි දෙයක අගක් මුලක් වටහා ගන්නට බැරිව සිටියා සේම මෙතෙක් දිනක් සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට සමනලිය හිතා ගත්තේ ඒ ගමන්මයි.
ශිවට කෙසේද....? ඔහු ඉක්මනින් සුවපත් වෙයි නේද...?
එසේයි අර්ජුන්...
ඔහු ඉක්මනින් සුවපත් වේවි. නමුත් මා හට දැනගැනීමට අවැසියි කුමක්ද ඒ සිදු වුණේ...?
මා සහ ශිව මාලිගයෙන් නික්මෙන තැනට එනකම් විස්තර මා හට පැහැදිලියි.
නමුත් ඔබ කිසිවෙක් මා හට ඉතිරිය පැහැදිලි කරනවා නම් මා හට සතුටුයි..සමනලිය ශිවගෙන් ම උගත් ගාම්භීරකම භාවිතයට ගනිමින් තමා ඉදිරියේ සිටින අර්ජුන්, ජග්දීශ් හා වීර් තිදෙනා දෙස මාරුවෙන් මාරුවට තද බැල්මක් හෙලමින් විමසද්දී සුසුමක් හෙලා අර්ජුන් සමනලියට සියලු සත්‍යය පැවසීමට පටන් ගත්තා.
මහරාජ් වාසුදේව් ගේ හස්තයෙන් ඔවුන් දෙදෙනාට හමු වූ ආභරණයේ සිට සිදු වූ සියල්ල ඔහු සමනලියට පැහැදිලි කරන්න ට පටන් ගනිද්දී සිදුවන දෙයක් ගැන යම් තරමක හෝ වැටහීමක් නොතිබුණු විද්‍යා සහ නර්මදා ත් යම් අයුරකින් සුලු වැටහීමක් තිබූ ගංගාත් ඉතා අවධානයෙන් යුතුව අසා සිටියදී අර්ජුන් තමා දන්නා දේ වදන් වලට පෙරලන්න වුණා.
KAMU SEDANG MEMBACA
නෘත්‍යා... A Jikook nonfic ✔️
Nonfiksiනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...