යුවරාජ් ගේ පදවි ප්‍රාප්තිය ට පෙර රාජකීය නර්තන මණ්ඩපය ඉතාමත් කාර්යබහුල ස්ථානයක් වුණා. පාර්වදී සහ නර්මදා ඇතුලු නෘත්‍යයේ යෙදෙන්නාවූ සුරූපී කුලඟනන් ගේ නෘත්‍ය, රාජකීය උත්සවයේ සැමදෙනා ම නෙත් අයාගෙන බලා සිටින අංගය වූ බැවින් එහි වගකීම් සියල්ල ම පැවරුණේ කුමාරිකාවට වුණා.
" මට නැවත පරීක්ෂා කිරීමට කිසිවක් අවැසි නැති බවයි පෙනෙන්නේ...
ඔබ සැමදෙනා ඉතා අගනා අයුරින් ඔබගේ නෘත්‍ය ඉතා අලංකාරවත් ව සිදු කරනවා."
කුමරිය ගංගා නර්තනයේ යෙදෙන නෘත්යාංගනාවන් දෙස බලා කීවේ ඇගේ සිතට තදින් ම දැනුණු දෙය.
( රාජ්කුමාරී ගංගා Jisoo චරිත ආදර්ශනය )
" ප්‍රශංසාවට ස්තූතියි රාජ්කුමාරී... "
වෙනත් සිහියක සිටින තම මිතුරිය වෙනුවට ගංගා ට පිළිතුරු බැන්දේ නර්මදා වුණා.
නර්මදා ගේ ප්‍රසන්න ආචාරශීලී සිනහව ට ප්‍රතිචාර ලෙස සිනහවක් පාමින් රාජ්කුමාරී ගංගා තම පුහුණුවීම් නැවත පටන් ගන්නට පිරිස ට සංඥා කළා." නෘත්‍යා.... "
" නෘත්‍යා.. "
රාජ්කූමාරී ගංගා කිහිප විටක් ම පාර්වදී හට ඇමතුවේ වුවත්, ඇගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු තැන නර්මදා පාර්වදී ට ඉතා සමීප ව සිට ගනිමින් තම වැලමිටෙන් පාර්වදී ගේ පිටට පහරක් එල්ල කරද්දී පාර්වදී ආව් යැයි කොඳුරමින් නිවැරදි සිහියට ආවා.
තමාට පහර දුන්නේ මන්දැයි නෘත්‍යා දැස් බෝල කරමින් නර්මදාගෙන් විමසද්දී නර්මදා ඇස් කොණෙන්, ඔවුන් දෙස බලා රවාගෙන ඉනට අත් තබා සිටින රාජ්කුමාරී ගංගා ව පෙන්වද්දී නෘත්‍යා ඇය දෙසට හැරුණේ තමාට කුමරිය නොසළකා හැරීමට දණ්ඩන හිමි වේ දැයි සැකයෙන්.
" ඔබට මා කෙතරම් නම් වේලාවක සිටද අමතන්නේ නෘත්‍යා...
ඔබ සිටින්නේ මේ ලෝකයේ නොවන වගයි මට නම් දැනෙන්නේ...""ක්ෂමා කරන්න රාජ්කුමාරි....
මා වෙන සිහියකයි සිටියේ..."නෘත්‍යා වහා රජකුමරිය ට පිළිතුරු බඳිද්දී බොරු කෝපයක් මවා රවමින් සිටි කුමරිය ගංගා, ඔහු දෙස බලා සිනහ වන්නට වුණා.
VOUS LISEZ
නෘත්‍යා... A Jikook nonfic ✔️
Non-Fictionනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...