පළමු නෘත්‍ය 🥀

369 36 16
                                    


Parvadhi pov

අදත් ඉර පායන්න පටන් අරන්.... කුකුල් කොටුවෙ ඉන්න කුකුල්ලු උදේ පාන්දර හතරේ හෝරාව ලබනකොට ම පටන් අරගෙන...
කුක්කු කූ කූ... කියලා තාල තියන්න.

මම තාල වලට ආසයි. තාල තමයි මගේ ජීවිතේ... ඔහ්... උදේ පාන්දරින් ම අවදි වුණ මම සීතලම සීතල වතුරෙන් දිය නෑවා. උදේ පාන්දර ම ශිව දෙවියන්ටත් පාර්වතී මෑණියන්ටත් පූජාව තිබ්බා.

මගෙ නම පාර්වදී...
හ්ම්... ලස්සනයි නේද නම..
ගොඩක් දෙනෙක් කියනව එහෙම. ඒත් මම ශිව දෙවියන් ගෙ පාර්වතී නම් නෙවෙයි. මම අහිංසක දුප්පත් පිරිමි ළමයෙක්.

ඇහුණු විදිහ හරිද කියලද කල්පනා කරන්නේ..? පාර්වදී පිරිමි ළමයෙක්ද කියන එක නම් ප්‍රශ්නේ.. ඔව්... මම පිරිමි ළමයෙක් තමයි. ඒත් ඒක මගේ අම්මා අප්පා හැර කවුරුත් දන්නෙ නෑ.. කාටවත් මම කියලත් නෑ...

දැන් මම කරන්නෙ අපේ ගෙදර ඉදිරියෙන් ලස්සන කෝලමක් අඳින එක.. රතු පාට කහ පාට වගේ ලස්සන පාටවල් වලින් කෝලම් අඳිනකොට මට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. මම ආසම කරන දේ තමයි මගේ අතින් ම ගේ ඉස්සරහ කෝලම් අඳින එක...

" පාර්වදී......."

මම හැරිල බලද්දි මම දැක්කෙ හැමදාමත් වගේ එකටම මගෙත් එක්ක ගොපල්ලන් ගෙන් කිරි ගේන්න යන්න එන නර්මදා...
එයා අද අපේ ගෙදරට ම කිරි ගෙනැත්...

" කියන්න නර්මදා.."

" පාර්වදී ගෙ කිරි කළේ... ඔන්න මං නිවහනට ම ගෙනාවා...
අද... කිරි වෙළෙන්දා එක කළයට කළ දෙකක් පුරවලා කිරි දුන් නිසා.... මා නම් සිටින්නේ ඉතාම සතුටින්...
මං පාර්වදීටත් අරගෙන ආවා..."

මම කෝළම අඳින්න මම ලෑස්ති කරගත්ත කුඩු කරලා වර්ණ කවපු සහල් පිටි බඳුන පැත්තකින් තබා ගියෙ නර්මදාගෙන් කිරි කළය ගන්න.

" නර්මදා ට ශිව දෙවියන් ගෙ පිහිටයි... "

කිරි කළය ගන්න ගමන් මම ඇයට කියනකොට ඈ මා එක්ක හිනා වුණේ එය මතක් කරන්නට කාරණයක් නොවන බව සිහිපත් කරමින් මයි.

Author pov

නර්මදාගෙන් කිරි කළය ගත් පාර්වදී නිවසට ගොඩ වෙද්දි ඔහුගෙ මුහුණේ පිරී ගිය සිනහවක් තිබුණා.
මුලුතැන්ගෙයි ආහාර පිසිමින් සිටි තම මව අසලින් කිරි කළය තබා ගියේ ඇය සමග සිනහ වෙමින් මයි.

නෘත්‍යා... A Jikook nonfic ✔️حيث تعيش القصص. اكتشف الآن