" අසව් අසව් අසව්.....
අවිවාහක සියලු කන්‍යාවන් වෙත කෙරෙන දැනුම් දීමයි....අසව් අසව් අසව්....
රාජස්ථානයේ අප මහරාජ් ගේ පුත්, යුවරාජ් ශිව ශංකර් ගේ නියෝගයයි.
යුවරාජ් ගේ පදවි ප්‍රාප්තියට සාපේක්ෂව ම පැවැත්වීමට තීරණය කොට ඇති එතුමාගේ විවාහය වෙනුවෙන් සුදුසු කන්‍යාවක් තෝරා ගැනීම පිණිස යුවරාජ් ගේ ස්වයංවරය පැවැත්වෙන බවත්....
මෙතෙක් විවාපත් නොවුණු සෑම කන්‍යාවකට ම මෙම අවස්ථාවට ඉදිරිපත් වීම අනිවාර්ය බවත් මහරාජ් දන්වා සිටී.....අසව්... අසව්.... අසව්....
ඉහත කී අවස්ථාව ට වංශවත් දුප්පත් බේදයක් නොමැති බවත්, සියලු අවිවාහක තරුණියන් ට පොදු නියෝගයක් බවත් දන්වන ලෙස මහරාජ් පවසා තිබෙනවා. "
රාජස්ථානයේ බොහෝමයක් තරුණියන් බලා සිටි අවස්ථාව එළඹී තිබුණා. බොහෝ දෙනෙක් රාජකීය මණ්ඩපය වෙතට එක් වී තිබුණේ කෙසේ හෝ යුවරාජ් ගේ සිත් ගත් තරුණිය වී ඔහුගේ අග මෙහෙසිය වීමේ අරමුණින්.
" නර්මදා... ඇයි ඔබ මාව රැගෙන යන්නේ.... අසන්න.... මා යා යුතු නැහැනේ .."
තමාව ඇදගෙන රාජකීය මණ්ඩපය වෙත දිව යන නර්මදා දෙස නොකැමැත්තෙන් මෙන් බලමින්, තම අත ආපස්සට ගන්නට උත්සාහ දරමින් පාර්වදී කියා සිටියේ යුවරාජ් ගේ ස්වයංවර උත්සවයට තමාගේ අවශ්‍යතාවක් නොමැති බව නැවතත් පවසාලමින් .
" ඔබ කුමක්ද කියන්නෙ...
සියලුම අවිවාහක කන්‍යාවන් හට එයට සහභාගී විය හැකි බව ඔබ දන්නවා...අනික, දුප්පත් තරුණියක් යුවරාණි වුවහොත්..
එය දුප්පත් ජනතාවට කෙතරම් නම් වාසනාවක් ද...
අපිත් උත්සාහ කරලා බලමු.. අපේ සුඛ විහරණය කෙසේ වෙතත් අපි වගේම දුක් විඳින ජනතාව ට කුමක් හෝ සහනයක් වෙන්න අපට පුළුවන් වේවි.. "යුවරාජ් ගේ සම්ප්‍රාප්ත වීමකින් තොරව ස්වයංවරය පැවැත්වෙන බව අසන්නට ලැබුණෙන් සැම දෙනෙක් ම එතැනට රැස්වී බලා සිටියා.
රාජකීය මණ්ඩපය ට වැටෙන උදා හිරු ගේ කිරණත් සමග මණ්ඩපය දිදුලන්න පටන් අරගෙන...
මණ්ඩපයේ තිබූ විශාල ලී මේසය ඉතා දිග එකක් වුණා. එහි ඉතා විශාල ප්‍රමාණයක් ආභූෂණ වර්ග තබා තිබුණා...
CZYTASZ
නෘත්‍යා... A Jikook nonfic ✔️
Literatura Faktuනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...