විසි තුන්වන නෘත්‍ය 🥀

120 20 8
                                    

සමනලිය තද නින්දෙ පසු වෙද්දි ශිව නිවසෙන් පිටතට ආවා. කිසිම හැළ හොල්මනක් නොමැති කලුවර අහස දෙස මොහොතක් බලා සිටි ශිව රාත්‍රියේ සැරිසරන පක්ෂියෙකුගේ හඬ අනුකරණය කරමින් අහස දෙස බලා සිටියා...
පියාපත් සලන ශබ්දයක් සමග ශිව සිටි ස්ථානයට පැමිණි බකමූණෙක් අත ශිව ඔහු අත සැන්දෑවේ තිබූ පඬු කහ පැහැයට හුරු අත් පිස්නාව වැනි ම රෙදි කඩක් ගැටගැසුවා.

යන්න ශේන්....
ගිහින් එයාට ඕක ලැබෙන්න සලස්වන්න...
අද රෑම...

ශිව එසේ කියමින් අත ආකාශය දෙසට දිගු කරද්දී බකමූණා ආකාශයට නැගුණා. ඔහු ශිව කී රෙදිකඩ රැගෙන රාජස්ථාන් රාජ භවන දෙසට පියඹද්දී ශිව මද සිනහවක් සහිතව තමාට ම යමක් මුමුණා ගත්තා...

සියල්ල ඉක්මනින් ම විසඳේවි...

පසුදා උදය පහන් වන තුරුත් අර්ජුන් කුටිය ට නොපැමිණි නිසා නර්මදා සිටියේ තෙහෙට්ටුවෙන්.
රාත්‍රිය පුරාවට අර්ජුන් කුටියට පැමිණෙන තෙක් නිදි වරමින් සිටි නර්මදා ට ඇස් පියවුණේ ඇය ඉඳගෙන සිටි පුටුවෙමයි. එළිවන ජාමයේ කුකුළා හැඬලීමට මොහොතක් තබා කුටියට ආ අර්ජුන් ට නර්මදා තමා එන තෙක් බලා සිට පුටුවේම නින්ද ගොස් සිටි ආකාරය දැක දැනුණේ වේදනාවක්.

නර්මදාව අවදි නොවන සේ දෝතින් ම ඔසවා ගත් අර්ජුන් ඇයව සයනය මතින් තබා නළලට හාදුවක් දුන්නා.
අර්ජුන් දැනුවත්.. ඔහු සිදු කරන සියල්ල ම හේතුවෙන් වඩාත් පීඩාවට පත් වී ඇත්තේ නර්මදා බව.
නර්මදා ට සහ තමාට සතුටින් ජීවත් වීමට අවැසි දේවල් තමා සිදු කරද්දී ඒ කිසිවකින් නර්මදා සතුටු වී නොමැති බව අර්ජුන් ට වැටහුණේ වීවාහයෙන් පසු අර්ජුන් ට එක් වරක් වත් නර්මදාගෙ මනස්කාන්ත සිනහව දැක ගත නොහැකි වූ නිසා...

සියල්ල ඉක්මනින් ම විසඳේවි නර්මදා...
මා සියල්ලම සිදු කරන්නේ අප වෙනුවෙන්.. අප සැම වෙනුවෙන්... ඒ නිසා තව ටිකක් ඉවසන්න මගෙ නර්මදා...
ඔබේ අර්ජුන් ට ඔබ අසල නැවත සුරතල් වෙන දවසක් එනකම් ඉවසිල්ලක් නෑ.. අනේ...

ඇහෙන නෑහෙන අයුරින් නින්දේ උන් නර්මදා හට කී අර්ජුන් නර්මදා අසලින් ම ඇලවෙමින් තම හස්තය නර්මදා ගේ ඉන වටා පටලවා ගත්තා.
ඔවුන් දෙදෙනා ම එකිනෙකා ගේ උනුසුමේ රැය පහන් කරද්දී ඒ සිදුවීම් සියල්ල හිස් ආකාශය පමණක් බලා සිටියේ තාරකා තබා චන්ද්‍රයා ට වත් ඒ දෙස බැල්මක් හෙලන්න අවසරයක් හෝ නොදෙමින්.








නෘත්‍යා... A Jikook nonfic ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin