දහ අටවන නෘත්‍ය 🥀

110 21 2
                                    

පාර්වදිය කුඩා රෙදි මල්ලකට ශිව කාශි පැමිණි වෙලාවේ හැඳ සිටි පඬු වස්ත්‍රය ට සමාන පඬුවන් පැහැයෙන් යුතු වස්ත්‍ර කිහිපයක් නවා දමමින් සිටියා.
ඔහු අත දරා සිටි මුතු පළඳනාව ගන්දෝ නොගන්දෝ යැයි ඔහුගේ සිත තර්ක කරද්දී, ද්වාරය විවර කරගෙන ඇතුලට ආ යමෙක් නිසා සමනලිය ගැස්සී ගියා.

පාර්වදී.....

අනේ නර්මදා.....? මා කීවේ......
මහරාණි...?

පාර්වදිය තම වැරැද්ද නිවැරදි කර ගනිමින් නර්මදා හට හිස නවා ආචාර කරද්දී නර්මදා වහා පාර්වදිය ව වැළඳ ගත්තා.
ඇයට මේ සිදුවන දේවල් දරා ගැනීමට අපහසු තරම්.
නර්මදා ගේ සෑම මොහොතක ම ඕනෑම අයෙක්ට ආලෝකය ගෙන ආ හැකි අයුරේ මද සිනහව, මේ වන විට මැකී ගොස් ඒ වෙනුවට කඳුළු වැල් ගලා යමින් පැවතුනා...
එක්වරම මහරාජ් වාසුදේව් ගෙ මරණය සිදුවීම, සහ අවසන් කැමති පත්‍රයට අනුව අර්ජුන් හට රජකම හිමි වීම, අර්ජුන්ගේ විවාහය වෙනුවෙන් යුවරාජ් තමාව නිර්දේශ කිරීම, සහ අර්ජුන් ගේ බලය ලැබීමත් සමග ඇතිවූ වෙනස් වීම... දැන් පාර්වදිය ඇයට මහරාණි කියා ඇමතීම පවා..
ඇයට සිතාගත නොහැකි අයුරේ අපහසුවක් ගෙන ආවා.
හදවත මිරිකී යන වේදනාවක් සහ එයට කිසිවක් කරගත නොහැකි වීම නිසාවෙන් නර්මදා සිටියේ දරා ගත නොහැකි තරමේ පීඩනයක් සිතේ සිර කරගෙන...
පාර්වදිය ගේ පවා එතරම් වෙනසක් නොමැති වුවත් ඔහුට යුවරාජ් ගේ සිතෙහි ඔහු වෙනුවෙන් ඇති ප්‍රේමය දෙනෙතෙන් ම දැකගත හැකි වූ නිසා, එය දරාගැනීමට පාර්වදිය ට හැකි වුණා.
ඔවුන් දෙදෙනා අතර එවන් සමගියක් පැවතුනත් නර්මදාව සහ අර්ජුන් අතර පැවතියේ එතරම් සුහදශීලී බැඳීමක් නොවුණා.
නර්මදාව තම කුටියෙන් අර්ජුන් පිටතට පන්නා ගනිද්දී ඔහු කීව ඒ වදන් තවමත් නර්මදාගේ දෙකන් පුරවනවා...

මගෙ මිතුරි.... මට කමා කරන්නකෝ..
ඔබව මාලිගයෙන් පිටමං නොකරන ලෙස මා අර්ජුන් හට බැගෑපත් වුවත් ඉන් පළක් වුණේ නැහැ.
ඔහුගෙ තීරණය සප්ත මහල් ප්‍රාසාදය බැඳීමට ගත් ගල් කණුවක් සේ ස්ථීර බව මට කීවා...

නර්මදා හැඬූ කඳුළින් ම පාර්වදියගේ ගෙල වැළඳ ගනිද්දී, පාර්වදිය ඇගේ පිටට තට්ටු කරමින් එය ඇගේ වරදක් නොවන බව පවසමින් ඇයව සනසන්න ට වුණා...
පාර්වදිය ට හා යුවරාජ් ට සිදුවන මේ සිදුවීම් නිසාවෙන් නර්මදාව ට අර්ජුන් ගැන මෙතෙක් හට නොගත් බියක් හටගෙන පැවතුනා.
මෙතෙක් දිනක් ඇය දැන සිටි අර්ජුන් ශිවට බොහෝ ලෙංගතුකම් පෑ අහිංසක අයෙක් වුණා.
නමුත් අර්ජුන් එසේ එක්වර ම තම සිතට එකඟව කෙසේද ශිව ට මාලිගයෙන් බැහැරව ජීවත් වෙන්නට පවසන්නෙ...? එයම නර්මදා හට බොහෝ විසල් වේදනාවක් ඇති කළා.
ඇය අර්ජුන් සමග කෙතරම් නම් මේ ගැන වාද කළාදැයි දන්නේ ඇය ම පමණක් වුණා.


නෘත්‍යා... A Jikook nonfic ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ