විසි හතරවන නෘත්‍ය 🥀

116 19 4
                                    

ඔබ තනිව ඇයි දෙවොලට ගියෙ... විද්‍යා ට අඬගැසුවා නම් ඇය එනවනෙ... එසේම...
මට වුණත් පැමිණෙන්න නොහැකි කමක් නැහැනෙ....

බට වට්ටියෙන් අතට ගත් ලඩ්ඩුවක් සමනලිය ශිව අතට දෙද්දී ඔහු සමග ම ඇවිද යන අතර ශිව විමසුවේ සමනලිය දෙස බලාගෙන.

විද්‍යා ඒ මොහොතෙ ආහාර සකසමින් හිටියෙ වීර් ට... එසේම...
ඔබතුමා ත් කුමක් හෝ ලියමින් නෙ සිටියෙ... එමනිසා මා තනිවම ආවා.
බිය වෙන්න එපා...
මට මං ගැන බලාගන්න පුළුවන්..

ඔහ්... දැන් මා බියවීම අනවශ්‍යයද...? මගෙ පතිනිය ගැන මා බිය නොවී කවුරු බිය වෙන්නද...?
අර අර්ජුන් බිය වෙන්නද මං අහන්නෙ..?

අනේ.. ඔහු නම් බිය නොවන තරමට හොඳයි. ඔහු සිදු කළ කිසිවකට මගෙ නම් කිසිම කැමැත්තක් නැහැ..

එසේ කියන්න එපා. ඔහු නපුරු ගති ඇති අයෙක් නොවෙයි.

නැහැ...? නැහැ නෙවෙයි. ඔහු වන් දුර්ගුණ ඇති අයෙක් මා කොහිවත් දැක නැහැ...
නපුරු අර්ජුන්...

ඒක නෙවෙයි මගෙ දේවි....
ඔබ ටිකක් කටකාර වෙලා කියලා ඔබට තේරෙනවද..?
මට නම් තේරෙන්නෙ ඔබ වෙනදට මේ තරම් කතා කරන්නෙ නැහැ කියලයි..
ඔබ මොකක්ද කියන්නෙ..?

ශිව විමසද්දි තමයි සමලියට ත් තේරුම් ගියෙ... වෙනදට සමනලිය මේ තරම් ශිව ගේ වදන් වලට වදනින් ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. සමනලිය උත්සාහ කළේ ශිව සමග පවා නිහඬව, උවමනාවකට හැර කතා නොකර ඉන්න. දැන් තමයි සමනලියට ඒ බව මතක් වුණේ.. නමුත් ශිව නම් තමා හා හොඳින් කතා බහ කරන සමනලිය ගේ ඒ හැසිරීමට ප්‍රිය කරන්න අරගෙන. ශිව අතෝරක් නැතිව කියවන විට සමනලියගෙ විශාල වන නෙත් යුගල, ඒ මේ අත යන වළලු පිරි දෑත්... එහා මෙහා වන පිරුණු රෝස පැහැ තොල් පට... ඒ සියල්ලම එක්ක ශිව ගෙ සිතේ සමනලිය ගැන ප්‍රේමය එන්න එන්නම වැඩි වෙනවා.

සමනලියට හිතන්නටත් වෙළාවක් නොතබා ඔවුන් ආ වන වදුලෙන් වට වූ මාර්ගය අතැර, සමනලියගෙ අතෙන් ඇදගෙන ශිව වැදුනෙ වන වදුලට.
මග ඔස්සේ ඕනෑම අයෙක් පැමිණිය හැකි නිසා මදක් වනය තුලට වැදුණාට පසු ශිව සමනලිය ගෙ හස්තය අතහැරියා.

නෘත්‍යා... A Jikook nonfic ✔️Место, где живут истории. Откройте их для себя