විසිහය වන නෘත්‍ය 🥀

97 15 4
                                    

ඔබ පැවසූ අයුරින් මා සිදුකළා රාජ්කුමාර් ජග්දීශ්...
එසේම නිසැකවම මා හට හැකි වුණා ශිව සහ පාර්වදී සිටින්නේ කොහෙද කියා...

රාජ්කුමාර් විශ්වනාත් තම මුහුණ වසා සිටි කලු පැහැ රෙදිකඩ ඉවත් කරමින් මේ වන විටත් ජග්දීශ්, කුළසේකරන් සහ අමාත්‍ය චන්ද්‍රශේකර් සිටි ස්ථානයට පැමිණෙමින් කීවේ ඉතා කෝපයෙන්. උදෑසනක් සේ දෙවොලට ආ සමනලිය සේම සමනලියට ව ආපසු නිවසට කැඳවාගෙන යාමට දෙවොළට ආ ශිව... ඔවුන් දෙදෙනාව ම රාජ්කුමාර් විශ්වනාත් දැක තිබුණා.

කුමක්ද වුණේ...? ඔවුන් කොහිද සිටින්නෙ...?

කළබල වෙන්න එපා අයියණ්ඩි. මා දුටුවා ඔවුන් ගුජරාට් වල සිටින බව. එසේම අමාත්‍ය චන්ද්‍රශේකර්...
ඔබගෙ දියණිය උස මහත තරුණයෙක් සමග විවාහ වෙලා ගුජරාටයේ ම ශිව සහ පාර්වදිය සමග ජීවත් වෙනවා.

රාජ්කුමාර් විශ්වනාත් තමා දුටු සියල්ල ම පවසද්දී අමාත්‍ය චන්ද්‍රශේකර් ගේ රැලි වැටුණු වයස්ගත මුහුණ කෝපයෙන් විරූපීව ගියා.
ඔහුගේ දියණිය පලාගොස් උස මහත තරුණයෙක් සමග විවාහ වෙලා...?
නිසැකව ම ඒ තරුණයා වීර් විය හැකි බව අමාත්‍ය චන්ද්‍රශේකර් දන්නවා.

හරි..... තවමත් නුඹ මට කීවේ නැහැනෙ... කොහොමද නුඹ ඔවුන් සිටින දිශාව සොයා ගත්තේ කියා...

ඇත්තට ම... රාජ්කුමාර් ජග්දීශ් තමයි මට උපකාර කළේ. ඔහු මට කී අයුරින් ම මා..
රාජ්කුමාරී ගංගා ශිව ට හසුන්පත් යවද්දී ඇය ගේ හසුන ගෙන යන පරෙවි දූතයා පසුපස ගමන් කළා...
ඇගේ පරෙවි දූතයා ගුජරාටය දෙසට යන අයුරු දුටුවා පමණක් නොවේ..
ශිව හා පාර්වදී එකිනෙකා හා රති කෙළියේ යෙදෙන අයුරු ත් මා දුටුවා.

ඔහෝ... එනිසයි එසේනම් ඔබ මෙතරම් කෝප ගෙන සිටිනුයේ..!

ශිව ඇයගේ රන් පැහැ වත මත්තේ දැත් ගෙන යද්දී ශිව නමින් ඇගේ ආලවන්ත කෙඳිරුම් කන වැකුණු මා උමතු වූ අයුරින් නොවේ නම් කෙසේ හැසිරෙන්න ද..?

නුඹ ශිව සහ පාර්වදිය සොයා යනු ඇති බව මට දැනුණා. එනමුත් ඔවුන්ගේ නිවසට ම යනු ඇති බව මට නම් සිතුනෙ නැහැ...

නෘත්‍යා... A Jikook nonfic ✔️Donde viven las historias. Descúbrelo ahora