" අපේ පාර්වදී....
අපේ දියණි.."පාර්වදිය ගේ පියා කීමට ආරම්භ කරන මොහොතේ යුවරාජ් ඔහු වෙත හෙලුවේ නොපහන් බැල්මක්.
" පුතනුවන් කීවනම් නිවැරදියි නොවෙද පාර්වදී ගේ පියාණනි..?"
යුවරාජ් ගේ තියුණු කටහඬ ප්‍රශ්න කරන විට පාර්වදීය ගෙ පියා තම කුඩා සුරතල් පුතු ගැන සියල්ල ම යුවරාජ් ට පැවසීම ආරම්භ කළේ, පාර්වදිය හා යුවරාජ් ව එක් වීමට හෝ වෙන් වීමට වුවත් සියලු සත්‍යය යුවරාජ් සමීපයේ රැඳිය යුතු නිසා.
" අපේ පුතු පාර්වදී...
විවාහයෙන් වසර ගණනාවක් තෙක් ම දරුවන් නොමැතිව සිටි අප දෙදෙනාට පාර්වතී මෑණියන්ගෙන් හිමි වුණු ත්‍යාගයක් යුවරාජ්...අප වසර ගණනාවක සිට මැණියන් හට ප්‍රාර්තනා කළා, අපට දරුවෙක් දායාද කරන්න කියා..
පාර්වදිය අපට හිමි වුණේ වසර ගණනාවකට පසුවයි. එසේම.. පාර්වදීගේ උපත දේව මෑණියන් ගේ දෙවොලේදියි සිදු වුණේ..පාර්වතී මෑණියන්ගෙ දෙවොලෙදි ජන්මය ලත් නිසා ම අප ඔහුට පාර්වදී කියා නම තැබුවා.
එදින තවත් ආශ්චර්යමත් යමක් සිදු වුණා යුවරාජ් මෑණියන් වෙනුවෙන් පූජා කොට දෙවොලේ වහලයේ ගැට ගසා තිබූ මිණි සළඹක් සහ රතු පැහැ සාරියක් අප පාර්වදීගෙ අතට වැටුණේ ඉපදිලා මොහොතකට පසු..ඒ දේව මෑණියන් ගේ තේරීම අපගෙ පුතුට... දේව මෑණියන් ගෙ තේරීම් ප්‍රතික්ෂේප කරන්න අපි කවුද..?
පසුව පාර්වදී වැඩෙන විට... සැබැවින් ම කන්‍යාවන් පරදන ලාලිත්යක් ඔහුට හිමි වුණා.
ඔහුගෙ සුන්දර වත ට ගැලපෙන සුන්දර නර්තන කලාවක් ඔහුට ඉහලින් ම ගැලපුණා.ඔහු කුඩා කළදි අපි සිතුවෙ අපේ පුතුට සාරියක් අන්දවලා අපි කළේ වරදක්ද කියලා. එනමුත්... වැඩෙන විට පාර්වදී ඇලුම් කරන්න වුණේ ලෙහෙන්ගා වලට, මෙහෙන්දි වලට...
කෝලම් රටාවන් හට...
කුඩා කළ සිටම පාර්වදී ශිව දෙවියන් හට දැක්වූයේ අසීමිත භක්තියක්... දිනපතා කාශි දෙවොලේ දී පූජාවන් පවත්වන්නට දිව යනව ඔහු.
ඉතින් අප වරදක් කර නැහැ නේද යුවරාජ්...?අප සිදු කර ඇත්තේ අපගේ කුඩා පුතුට දෙවියන් තේරූ දෙය තමයි. ඔබතුමා ට පාර්වදී ගෙන් පුත් රුවනක් ලැබේදැයි බිය වීම අනවශ්‍යයි යුවරාජ්...
ඔබතුමා පාර්වදිය ගේ ශිව නේ...
ඔබතුමා ගෙ පැතුම.. පාර්වදී අතින් ඉටු වේවි...
ŞİMDİ OKUDUĞUN
නෘත්‍යා... A Jikook nonfic ✔️
Kurgu Olmayanනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...