විසිවන නෘත්‍ය 🥀

113 17 2
                                    

ප්‍රණාමය උතුමාණනි...

තමාට හිස නවා ආචාර කළ තරුණිය කවුරුන්දැයි වටහා ගන්නට ශිව හට අමුතුවෙන් වේලාවක් අවශ්‍ය වුණේ නැහැ.
නමුත් බලාපොරොත්තු නොවූ අයුරින් අමාත්‍ය චන්ද්‍රශේකර් ගේ දියණිය විද්‍යා චන්ද්‍රශේකර් ව මෙහි දක්නට ලැබීම ඔහු හට පුදුමයක් වුණා.
තමා මෙහි බව විද්‍යා දැනගත්තේ කෙසේද...? සහ ඇය මෙහි සිට තම පියා හට තමාගේ දිවිය ගැන හසුන්පත් යැව්වොත්...?
තමාට ගුජරාටයේ වත් නිදහසේ ජීවත් වීමට හැකියාවක් නොලැබෙනු ඇති බවට ශිවගේ සිත ඔහුට අනතුරු අඟවන්නට වුණා.

දේවි... කවුද මේ....?
ඇයි ඔබ ඔහුට උතුමාණන් කියා කියන්නේ...?

වීර් සිහින් ස්වරයෙන් විද්‍යාගෙන් විමසද්දී විද්‍යා ඔහු හට තමා අභිමුව සිටින්නේ කවුරුන්දැයි කියා පවසන්නට වුණා.

ඔබ මාලිගයට කෙදිනකවත් ගොස් නැහැ නෙ වීර්...
මේ සාමාන්‍ය වැසියෙක් නොවෙයි. කලකට ඉහත මගේ විවාහය සිදු කරන්නට මගේ පියා යෝජනා කළේ මෙතුමා හටයි.
මේ යුවරාජ් ශිව ශංකර්....

කුමක් යුවරාජ්....?

විද්‍යා කෙතරම් නම් සිහින් ස්වරයෙන් පැහැදිලි කරන්නට උත්සාහ කළත් වීර් ගේ පුදුමය මුසු කටහඬ ඉතා උස්ව ඇසුණා. ශිව නම් බිය වුණේ මේ නිවහනේ හිමිකාරිය හට මේ හඬ ඇසුණේද යන්න ගැන.
වයස්ගත කාන්තාවන් හට ඕපාදූපයක් කණ වැකුණේ නම් එය වෙනකෙක්ට පවසන තෙක් ඔවුන්ට සිතට සැනසීමක් නැති බව ශිව දැනුවත්.

නමුත් නිවසේ හිමිකාරිය මේ වෙද්දිත් මදක් ඈතින් වන කුඹුරේ ගොයම් කපන්නට ගොස් ඇති බව කවුළුවෙන් දුටු ශිව සැනසුම් සුසුමක් හෙලුවේ තාවකාලික ව.
නමුත් ශිව ට විසඳා ගැනීමට බරපතල ගැටලුවක් පැවතුනා. මොවුන් කුමක්ද මෙතන කරන්නේ...?

ශිව.... ඇය කව්ද...?

සිහින් ඊර්ෂ්‍යාවක් මුසු සමනලියගේ කටහඬ ඔහුගේ බාහුවෙන් එල්ලී ප්‍රශ්න කරන විට ශිව ඔහුට උත්තර දුන්නා.

ඒ අමාත්‍ය චන්ද්‍රශේකර් ගේ දියණිය විද්‍යා, මගේ දේවි.
ඇය තමයි අමාත්‍ය චන්ද්‍රශේකර් මා හට විවාහ කර දීමට වෑයම් කළ ඒ තරුණිය.
ඔවුන් මෙහි කුමක්ද කරන්නෙ යන්න විමසා දැනගත යුතුයි.
ඒ නිසා මට ඊට ඉඩ දෙන්න මගෙ දේවි..

නෘත්‍යා... A Jikook nonfic ✔️Où les histoires vivent. Découvrez maintenant