ශිව සහ විශ්වනාත් අතර ඇති වූයේ ඉතා තද සටනක්. අර්ජුන් ට වඩා කාය ශක්තියකින් හෙබි විශ්වනාත් ශිව හට එල්ල කරන ලද පහරක් හේතුවෙන් ශිව ගෝපුරම් කණුවක හැපී බිම වැටෙද්දී විශ්වනාත් සමනලිය දෙසට පය ඉක්මන් කළා.
ස්ත්‍රියක් වේවා... නොඑසේනම් පුරුශයෙක් වේවා.... නුඹගේ සුන්දරත්වය තරම් නෙත්කලු රුවක් මා දැක නැහැ නෘත්‍යා...
විශ්වනාත් ගේ ආශාව පිරි ගැඹුරු කටහඬ සවන වැකෙද්දි තම ගතේ හිරිගඩු පිපුණත් ශිව තම ළය වැසෙන්නට යොදන ලද ඔහුගේ උතුරු සලුව මිරිකාගනිමින් සමනලිය පසුපසින් පසුපසට යන්නට වුණේ බියෙන්...
සැබෑ පුරුෂයෙක් නම් මගේ පතිනියට හස්තය තබන්නට පළමුව මා පරාජය කර සිටිනු විශ්වනාත්...
නුඹගේ ශක්තිය ගැන පුරසාරම් මගේ පතිනියට කියනකම් මා මරා මගේ පතිනියව අයිති කරගනු..තවත් නුඹ මොහුට පතිනිය කියනවද ශිව....?
නුඹ වංචාකරුවෙක්.. එක් තරුණයෙක් ව තම පතිනිය ලෙස මවා පාමින් රාජ්‍යයේ කිරුළ හිස දැරීම පිණිස වංචාවල් සිදු කළ කපටියෙක්...සමනලියගේ ළය වැසෙන්නට යොදන ලද ශිවගේ උතුරු සලුව ගළවා බිම දමමින් විශ්වනාත් සිනහ වුණේ සමනලිය තම ළය දෑතින් ම වසා ගන්නට අපොහොසත් උත්සාහයක නියැලෙමින්.
තමා කුඩා කළ සිට එක් දියණියක සේ හැදී වැඩුණු නිසා සමනලිය හේතුවෙන් ශිව ට ඇතිවන අපහසුතා ගැන සමනලියට දුක සිතුණත් ඒ පිළිබඳ ඔහුට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.
CZYTASZ
නෘත්‍යා... A Jikook nonfic ✔️
Literatura Faktuනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...