දහ හත්වන නෘත්‍ය 🥀

118 20 2
                                    

රාජ්කුමාර් විශ්වනාත් සහ මහරාජ් කුළසේකරන් සමගින් අමාත්‍ය චන්ද්‍රශේකර් සිටියේ ආගන්තුකයන් වෙනුවෙන් වෙන් කරන ලද මාලිගයේ සුඛෝපභෝගී කුටි පෙළෙන් මේ වන විටත් කේරළයේ රජ පරිවාරයට වෙන් කර ඇති ස්ථානයේ වුණා.
මේ වන විට නිසැකව ම ඔවුන් සතුටු වනවා විය යුතුයි. නමුත්...
ඔවුන්ගේ මුහුණුවල එසේ සිනහවක් දකින්නට හැකියාව ලැබුණේ නැහැ.
ඔවුන් සියලු දෙනාගේම මුහුණුවල දක්නට ලැබුණේ එක හා සමානම පුදුමයක්.
මන්ද ඔවුන් එකතුව සිදු කොට තිබුණ ඒ සැලසුමට අනුව ඔවුන් මහරාජ් වාසුදේව් ඝාතනය කර දමා මේ වන විටත් අවසන්... එසේම ඔවුන් සිදු කළ දේවල් වලින් සාර්ථක ව පැවතුනේ එක් යමක් පමණයි.
ඒ අර්ජුන් හට කිරුළ ලබාදීම පමණයි. එය ඔවුන්ව ඉතා කෝපයට පත් කළා.

කුමක්ද මේ සිදු කළේ ඔබ අයියණ්ඩි ආහ්ර්‍...?

රාජ්කුමාර් විශ්වනාත් ඉතා කළබලයෙන් විමසා සිටියේ සිදු වූ කිසිවක් ඔහු හට අදහා ගැනීමට හෝ නොහැකි වුණ නිසා.
මේ සියල්ල ම ඔවුන් සැලසුම් කළේ ඉතාමත් පිළිවෙලට හා ක්‍රමාණුකූල ව වුණත් අවසානයේ දී සිදු ව පැවතුනේ ඔවුන් සිතූ හෝ පැතූ කිසිවක් නොවුණා.

මගෙන් මොනවද නුඹ විමසන්නෙ...? ගංගා ව නුඹයි විවාහ කර ගත යුත්තෙ..?
කවුරුන්ද ඒ රාජ්කුමාර් ජග්දිශ් සිං...?
සිටිනවද එවන් නමක් සහිත මිත්‍රයෙක් ඔබට...?
නොඑසේ නම් එවන් නමක් තිබෙන කුමරෙක් ගැන නුඹ අසා හෝ තිබෙනවද මා විමසන්නෙ...
මා නම් එවැන්නෙක් ගැන කිසිත් දැනුවත් නොමැතියි. නුඹ නුඹේ නම වෙනුවට නුඹේ මිතුරාගේ නම තිබීම ගැන සතුටු වෙනවද නොඑසේ නම් දුක් වෙනවාද....?

මහරාජ් කුළසේකරන් කෝපයෙන් දැවෙමින් විමසද්දී රාජ්කුමාර් විශ්වනාත් අසල තිබූ රන් කෙණ්ඩියකට අත් මිටි කර දුන් පහර නිසා, එම රන් කෙණ්ඩියෙහි පුරවා තිබූ මදිරා කුටියේ සේද පා පිස්නා ඇතිරූ බිම දිගේ විසිරී ගියා.

මා දන්නා ජග්දිශ් කෙනෙකු නොමැතියි.
නුඹ නිසි පරිදි අවසන් කැමති පත්‍රය වෙනස් කර නොමැති බවයි දකින්නට ඇත්තේ.
අයියණ්ඩි ඔබ වෙනස් කොට ඇත්තේ ශිව වෙනුවට අර්ජුන් ව රාජ්‍යත්වයට පත් කිරීම යන්න පමණයි.
අන් සියල්ල අපේ වාසියට හැරවෙන්නට තිබුණා ශිව ට මාලිගයෙන් පිටව යන්නට කියා නියෝගයක් ද එහි අඩංගු වී නම්....
කොහෙද... ඔබ කරන්නේ ඔබට අවැසි දේ පමණයිනෙ...

නෘත්‍යා... A Jikook nonfic ✔️Donde viven las historias. Descúbrelo ahora