කුමක්....? ජග්දිශ් සහ අර්ජුන් ශිව ඝාතනය කිරීම පිණිස පිඹුරුපත් සකසනවා.....?
මෙය විය නොහැක්කක්...
නිසැකව ම මෙහි කුමක් හෝ රහසක් පවතිනවා....කුළසේකරන් තම මළනුවන් වූ රාජ්කුමාර් විශ්වනාත් තමා හට පැවසූ බස් අදහාගත නොහැකිව කීමට වුණා.
ඔහු මොහොතකට පෙර තමා වෙත පැමිණි රාජ්කුමාර් විශ්වනාත් ගෙන් අසන්නට ලැබුනු තොරතුර නිසා ඉතා නොසන්සුන් බවකට පත් වෙලා.ඔවුන් ගේ මිතුරෙකු යැයි පවසා ජග්දිශ් නැමැත්තෙකු මාලිගයට කැඳවා ගැනීම, ඒ ජග්දිශ් හට රාජ්කුමාරී ගංගා ගේ විවාහය සිදු කොට දීම, එසේම මේ දැන් මහරාජ් පදවිය ලැබුණු සැණින් අර්ජුන් ජග්දිශ් සමග එක්ව ශිව ඝාතනය කිරීම ගැන සැලසුම් සකස් කිරීම....
මේ සියල්ලම සිදු වන්නෙ ඔවුන් කැමති වූ ආකාරය ට.
මහරාජ් වාසුදේව් ගේ මරණය ගැන දුක් නොවී අර්ජුන් ශිව තමාගේ බලය ආරක්ෂා කර ගැනීම උදෙසා ක්‍රියා කරන්නට පෙළඹවීම ඔවුන්ගේ සැලසුම වුවත්, ඒ සැලසුම ජග්දිශ් ක්‍රියාත්මක කරනු දැකීම ඔවුන් හට ගෙන ආවේ කියා ගත නොහැකි අයුරේ පුදුමයක්.නිසැකයි අයියණ්ඩි...
ඔවුන් දෙදෙනා ම සිටියෙ හොඳට ම මත් වෙලා.
අර්ජුන් මත් වී සිටි තරම කොතරම් දැයි කීවොත් පානය කර ගත නොහැකි ම තැන ඔහු මදිරා පතොක් පඳුරට ත් හැලුවා.
සැඟවී සිටි ස්ථානයේදී මගේ හස්තය වැදී එක් මැටි පහනක් පෙරළී බිමට වැටුණත් ඔහු එය මද සුළඟට සිදු වූවක් බව පවසමින් නොසලකා හැරියා...කුමක්....?
මා දැන සිටියේ නැහැ අර්ජුන් එතරම් ම මධුවිතට ඇබ්බැහි වී ඇති අයෙකු බව..
එසේම තම ප්‍රාණසම ශිව ව ඝාතනය කිරීම අර්ජුන් ගෙන් කෙදිනකවත් නොවනු ඇති. එය සැබැවින් ම සිදු නොවන යමක්....
මා දන්නා තරමින් අර්ජුන් මෙවන් බල ලෝභියෙක් නොවේ...ඔබ ස්ත්‍රි දූර්තයෙකු වන බව මා දැන ගත්තේ ද ඔබ මදිරා මතින් මත්ව මා හට පැවසූ විටකදී නොවෙද අයියණ්ඩිය...
ඉදින් අර්ජුන් පවා ශිව ගේ හස්තය කපන්නට බැරි නිසා සිඹිමින් සිටියා විය නොහැකියිද..?
අර්ජුන් ට ශිව බලයේ සිටි තාක් කිසිවක් කළ නොහැකියි. අපගේ කූට ප්රයත්නය ට අනුව ශිවගේ රාජ්‍යත්වය අර්ජුන් හට පැවරීමට යෙදීමත් සමග අර්ජුන් හට නොසිතූ අයුරින් ඔහුගේ සැබෑ වර්ණ පෙන්වීමට ලැබුණු අවසරය මෙය විය හැකියි නේද...?
නුඹ පවසන දෙයෙහි ත් සත්‍යයක් පවතිනවා.. මා හටත් මේ සිදුවන කිසිවක අගක් මුලක් සොයා ගත නොහැකියි.
නමුත් මෙලෙස සිදු වන සියල්ල අපට වාසිදායක අයුරින් සිදුවේ නම්,
අප කළබල නොවිය යුතුයි.
සමහර විට මේ සියල්ල ඔවුන් සිදු කරන සැලසුමක් විය හැකියි.
නුඹ හේතු විරහිතව සංදේහ කරනවා අයියණ්ඩි.
සැබැවින් ම ඔබට සිතෙන්නෙ නැතිද හැම දේම අපට අනුකූල අයුරින් සිදු වන මොහොතේ, අපද අපගේ පසින් සිදු විය යුතු දේවල් කළ යුතු බව.
මෙය අප ලද අගනා අවස්ථාවක්...
ඔවුන් කීවා ඔවුන් දෙදෙනා හට ම ශිව ගෙන් ගැනීමට පළියක් ඇති බව..
කුමක් නමුත් වැටහෙන්නෙ ශිව අතින් ඔවුන් දෙදෙනා හට ම සමා කළ නොහැකි පාපයක් සිදු වී ඇති බවයි..
ඔබ මොකක්ද කියන්නෙ අමාත්‍ය...?
CZYTASZ
නෘත්‍යා... A Jikook nonfic ✔️
Literatura Faktuනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...