පියාණන් හමු වෙන්න රාජකීයයන් පැමිණිලා....
මෑණියනි... මට ඔවුන් ව දැකිය හැකිද...?ඔබේ පියාණන් ට ම ඔවුන් හා ගනුදෙනු සිදු කරගන්න අරිමු මණී....
ඒත් මෑණියනී...
රාජකීයයන් ලඟට දකින්න ලැබෙන එකත් දුර්ලභයි.
මා එක් වරක් හෝ ඔවුන් ව දැකිය යුතුයි.ආශ්.. මුරණ්ඩු දියණි...
ඔහොම නතර වෙනු..නොහැකියි මෑණියනි නොහැකියි...
සමනලියට පිටුපා වේගයෙන් පිටතට දිව ගිය කුඩා දියණිය දෙස බලා සුසුමක් හෙලූ සමනලිය තනිවම සන්ධ්‍යා පූජාවට අසුන් ගත්තා.
අනේ මහාදේව්...
බලන්න මේ දියණිය දිනෙන් දින අකීකරු වෙනවා..
මගේ වදන් අසන්නේම නැහැනේ..
මට පිටතට යන්න බියයි මහාදේව්. ඔවුන් මගෙ සැමියව නැවතත් මගෙන් ඈතට කරන්න නම් ඇවිත් ඉන්නේ....
මමයි දියණියි තනි වේවිනෙ...
අපට එසේ කරන්න එපා මහාදේව්.. මගේ ශිවට මා අසලින් රැඳෙන්න උපකාර කරන්න...සමනලිය තමාට ම කියා ගනිද්දි ඔහුගේ නෙතගින් කඳුලක් ගිලිහුණා.
ශිව ව ඔහුගෙන් දුරස් කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන මෙන් ඔහු පවසන්නේ පැමිණ සිටින රාජකීයයන් කවුරුන් වුවත් ඔවුන් ශිව ව හා තමාව හඳුනා ගතහොත් ශිව ව කෙසේ හෝ නැවතත් රැගෙන යාමට වෙර දරනු හැකි බව දන්නා නිසා.ගුරුදේව් ශංකර් නිවසේ නොමැති හැඩයි අයියණ්ඩි..
මටත් පෙනෙන්නෙ එසේ තමයි...
නමුත් අප එන විට අඩුම තරමින් ගුරුමාතාව වත් පෙනෙන්නට නොසිටීම අමුත්තක්....පැමිණ සිටින පුද්ගලයන් දෙදෙනා කතා බස් කරද්දී පුංචි මණිකර්ණිකා නිවසේ ගොපුරම් කණුවක් අසල සිට එබී බලමින් කතා කලා.
ඔබතුමන්ලා කවුරුන්ද.....?
මගෙ පියාණන් හමු වෙන්නද ආවේ....?
BINABASA MO ANG
නෘත්‍යා... A Jikook nonfic ✔️
Non-Fictionනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...