තිස් තුන්වැනි නෘත්‍ය 🥀

99 15 3
                                    

සමනලියගේ සලඹ බැඳි පා යුග මණ්ඩපයේ වේගයෙන් නද දෙනවා. සමනලියගෙ හිතේ තියෙන දුකට ම ඩෝල නාදය ඇසෙන රිද්මයටත් ඔහුගෙ නර්තනයෙ වේගයට සම වෙන්න බෙර හඬටත් නොහැකි වුණා.
ශිව ගෙ දිවි බේරන්න තමාගෙ නර්තනයට පුළුවන් නම්, දෙපා තිබෙන තුරු, දෑත් තිබෙනතුරු නර්තනයේ යෙදෙන්න සමනලිය තීරණය කරලා.

හැඳ සිටින දිගු ලෙහෙන්ගාව සමනලියගේ රිද්මයට ම ඒ මේ අත යද්දි විශ්වනාත් සමනලිය ට අත තියන්න හැදුවත් සමනලියගෙ වේග රිද්ම නර්තනය ශිව ගේ ස්නේහය වෙනුවෙන් ම වුණා.
ශිව ගෙ ජීවිතය රැක ගන්න සමනලියගෙ නර්තනයට හැකි වෙයි කියන විශ්වාසය නිසා, සමනලියගෙ නෘත්‍ය වලින් මණ්ඩපය එකලු වෙලා.

අපූරුයි...
අතිශයින් ම අපූරුයි...

විශ්වනාත් සිනහවෙමින් කී විට සමනලියගේ නෘත්‍ය එතැනම නතර වුණා. සමනලියගෙ දෙනෙත් වල පිරුණු කඳුලැල් පිසලමින් ඔහු ශිව වෙතට හැරෙද්දි ශිව සිහිසුන් ව බිම ඇද වැටී සිටියා.



ගුජරාටය පුරා ශිව ගම්මානයේ සිටි බවත් ශිවගේ පතිනිය රැගෙන විශ්වනාත් මාලිගයට ගිය බවත්, ඇයව මුදා ගැනීම පිණිස ශිව වීර් සමගින් නික්මුණු බවත්...
අර්ජුන් ගේ උපකාර කේරළයේ රජ පවුලට හිමිවූ නිසාවෙන් ශිවට තනිව නම් ඔවුන්ට විරුද්ධ විය නොහැකි වේවි යන රාවය පැතිර ගිය නිසා කුපිත වූ ජනතාව මාලිගය ආක්‍රමණය කරලා.
රාජස්ථානයේ සෙබලුන් ජනතාව ට මාලිගය ට ඇතුල් වන්න අවසර දුන් නිසා ගුජරාටයේ පමණක් නොවේ අගනුවර වටාත් ජනතාව මාලිගයට කඩන් පැනලා.

නෘත්‍ය මණ්ඩපයේ නර්තනයේ යෙදුනු සමනලිය වත්, ඔහුව නර්තනයේ යොදවා ආනන්දයක් ලැබූ පිරිසවත් මේ වන විට නර්තන මණ්ඩපය වටා එක් රැස්වී ඔවුන්ට පහර දෙන්නට සුදුසු වේලාවක් එන තෙක් බලා සිටින ජනතාව දැක්කෙ නැහැ.
ජනතාව පවා නිහඬව නෘත්‍යා ගේ හැඩ පිරි නර්තනය දැක බලා ගනිද්දි ශිව ගේ සිහිසන් වීමට ඔන්න මෙන්න පැවති කටහඬ සමනලියගෙ කන වැකුණා..

උ.. මා...

ශිව... අනේ...
ඔබට කිසිවක් වෙන්නෙ නැහැ... බිය වෙන්න එපා..

මට.. වැඩි වෙලාවක් නෑ දේවි..
ඔබට මා බොහෝ පෙම් කරනවා...

ශිව ගේ සිරුර එලෙසට ම බිම පතිත වෙද්දි විශ්වනාත් හා කුළසේකරන් හිනා වුණා.

නෘත්‍යා... A Jikook nonfic ✔️Où les histoires vivent. Découvrez maintenant