විවාහ මංගල උත්සවය වෙනුවෙන් සියල්ලම සූදානම්. ධජ පතාක ආදියෙන් සම්මිලින වූ රාජ භවන ඉතා දීප්තිමත් විලක්කු ආලෝකයෙන් නැහැවී ගිහින්. අවරගිරින් බැස යාමට නියමිත සූර්යයා පවා බැස නොයා ශිව පාර්වදී ගේ විවාහය දැකීමේ රිසියෙන් පසුවන සෙයක් දැකගත හැකි වූයේ සන්ධ්‍යාවේ පහේ හෝරාව එළඹුනත්....
තවමත් සූර්යයා ආකාශයේ වූ සුදු පැහැ පුලුන් වලා වර්ණ ගන්වමින් පසුවන නිසා.එක් පසෙක යුවරාජ්....
මනාල පාර්ශ්වය නියෝජනය කරමින් තමා වෙනුවෙන් ම අගනාවට නිමවන ලද කාශි වල අත්සලු නියම්ගම්හි වැසියන් ගෙන් ත්‍යාග සේ ලැබුණු අගනා කහ පැහැති ජෝතිය හැඳ,
ප්‍රියමනාප පෙනුමෙන් යුතු දම් නිල් පැහැයට හුරු උරස් සලුවක් ගත දරා සිටි යුවරාජ් ගේ ආභරණ පැළඳවීමේ කටයුත්ත යුවරාජ් ගේ සේවයට සැදී පැහැදී සිටි සේවකයන් අතින් ඉටු වුණා.අනෙක් පස නෘත්‍යා..
තම අනාගත පරිවාරය වන රජ පවුලෙන් තෑගි ලැබුණු රතු පැහැ මාණික්‍ය ඔබ්බවා අලංකාර කරන ලද රතු පැහැ ලෙහෙන්ගාව හැඳ සිටි සමනලියගෙ දෙපා තුඩු පවා රත් පැහැ මරතොණ්ඩි වලින් වර්ණ ගැන්විලා. තද දුඹුරු පාට සිහින් මෙහෙන්දි රටාවන් නම් සමනලියගෙ දෑතෙ ඇඳුනෙ හෝරා ගණනකටත් පෙරමයි. රාජ්කුමාරී ගංගාගේ හස්තයෙන් සිහින් කුඩා ඇඟිලිතුඩුවල සිට වැලමිටට ආසන්න වන තෙක් දිගු මෙහෙන්දි රටා සමනලියගෙ හස්තයේ ඇඳිලා.....
ESTÁS LEYENDO
නෘත්‍යා... A Jikook nonfic ✔️
No Ficciónනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්‍රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...